(ගයාන් සූරියආරච්චි සහ ලාල් එස් කුමාර)

ප්‍රධාන දුම්රිය මාර්ගයේ එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී ධාවනය කළ මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනකු මියගොස් ඇති බව එඬේරමුල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 54 බියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සහ අවුරුදු 34 ක කොළඹ පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු කාන්තාවක බව පොලිසිය පවසයි.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය කළ සීඝ්‍රගාමී දුම්රියක මෝටර් රථය හැපී ඇති බව පොලිසිය කියයි.