(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලවතුගොඩ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක රථ ගාලේ නවතා තිබූ බැංකු නිලධාරියකුට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථය සොරා ගත් සැකකරුවන් දෙදෙනා පැය විසි හතරක් තුළ දී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා සමඟ සොරා ගත් මෝටර් රථය , එය පණ ගැන්වීම සඳහා යොදාගත් මෝටර් රථය ස්කෑන් කර පණ ගැන්වීම සඳහා භාවිතා කරන මෘදුකාංග සහිත නවීන යන්ත්‍රයක් ,සැකකරුවන් සොරකම සඳහා පැමිණි මෝටර් රථය,විවිධ වර්ගයේ සිම්පත් 2000 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
වෛද්‍ය මධ්‍යස්ථානයේන් ඉකුත් 27 වැනි දින රාත්‍රි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි අතුරුගිරියේ ප්‍රදේශයේ පදිංචි බැංකු නිලධාරියකු රථ ගාලේ සිය මෝටර් රථය නවතා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව නිවස කරා යාම සඳහා නැවත මෝටර් රථයක් නවතා තිබූ ස්ථානයට පැමිණීමේදී මෝටර් රථය සොරාගෙන ගොස් ඇති බවට දැක පොලිසියට පැමිණිලි කර තිබූ බව පොලිස් නිළධාරියෙක් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මෝටර් රථය ඉස්සු දෙකක් මාට්ටු
Perera Tuesday, 30 May 2023 08:44 AM
ඕකට ආණ්ඩුවේ දෙස්පාලුවෙක් ගෑවිලා හිටියානම් කරපු එවුන් අල්ලනවා බොරු
Bunny Preena Tuesday, 30 May 2023 10:01 AM
වෙන දේවල් බලාගෙන ගියහම වාහනය ලොක් කරලා ගියාට වැඩක් වෙන්නෙ නෙති පාටයි. ටයරයට යකඩ අඩයක් සමග දම්වැල් ඩාල ලොක් කරන්ට වෙයි වගෙ.
සමන් - ඕමානයTuesday, 30 May 2023 02:31 PM
ස්ටියරින් ලොක් එකක් දැමීම ලෙහෙසියි. ප්‍රතිඵල දායකයි. එච්චර ගණනුත් නෑ
Thusitha Tuesday, 30 May 2023 07:20 PM
ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ට සුභ පැතුම්!