(ආරියරත්න රණබාහු)
මෝටර් රථ නැවත ආනයනය කිරීම සඳහා රජය කටයුතු කරනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව එන්ජින් ධාරිතාව 1000CC ට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිත බව පැවසේ.
මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරි මාසය තුළ ගැනීමට අපේක්ෂා කරන බව එම සංගමය පවසයි.
අඩු එන්ජින් ධාරිතාවක් ඇති වාහන පමණක් ගෙන්වන්නේ විදේශ සංවිත ප්‍රමාණය ස්ථාවර මට්ටමක තබා ගැනීමේ අරමුණෙන් බවද සංගමය පවසයි
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මෝටර් රථ යළි ගෙන්වයි?
සේනානි Friday, 05 January 2024 01:34 PM
අවුරුදු 8 ක් 10ක් පරණ ඇල්ටෝ වලට ලක්ෂ තිස් ගණන් කියන වෙලාවක හොඳ තීරණයක් .පෙබරවාරි මුල ඉඳන් ආනයනය ආරම්භ කරනවලු .දේශපාලන වාසියකට උනත් හොඳ තීරණයක්
කමල් Friday, 05 January 2024 01:38 PM
වාහන සිහිනය සැබෑ කරගන්න බලාන ඉන්න හැමෝටම ජය වේවා
ශාන්ත Friday, 05 January 2024 01:38 PM
වාහන මාෆියා කාරයන්ට හොඳ මට්ටුව
තනුජා Friday, 05 January 2024 01:39 PM
ඕවා ගනැල්ලා මිනිස්සුන්ට ගන්න පුළුවන් සාධාරණ මිලකට දෙනවානම් වඩාත් හොඳයි
ඉමදුවගේ Friday, 05 January 2024 01:54 PM
රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකිරීමට නොදන්නා මෝඩයෝ හැම එකක්ම බදුවලින්ම කරන්න තමයි දඟලන්නේ... ඉතින් රටේ තියෙන විනිමය පිටරටට යවා රටේ ඇතුළත තියෙන මුදල් රේගු ආදායම් ලෙසට අරගෙන රට හදන්න තමයි ඔය උප්පරවැට්ටියක් කරන්නේ කියලා හිතෙනවා... දැන් දැන් බොහෝමයක් කර්මාන්ත වැසීයාමට අරගෙන ඉවරයි... අපනයන ද්‍රව්‍ය නිෂ්පාදන ගැන බලන්නේ නැහැ. ව්‍යාපාරිකයෙක් දෙන්නෙක් සතුටුකර වාහන කොමිසක් ගන්නත් මේ නිසා පුළුවන් කමක් ලැබෙනවා. රටේ අහිංසක මිනිස්සු විදෙස්ගතවී බැලමෙහෙවර කර එවන සල්ලි මුන්දැලා ඔවුන්ගේ විනෝදාශ්වාදය සඳහා නාස්ති කරනවා මේ තීරණය නම් රටේ ආර්ථිකය අවපාත කිරීමට හේතුවක් වෙනවාමයි.
චන්දන Friday, 05 January 2024 02:27 PM
හැබැයි කවුරුත් හිතන්න එපා.... වාහන දැනට තියෙන මිල අඩුවෙයි කියලා... ඒ වගේම දැනට බදු නොගෙවන කවුරු හරි වාහනයක් ගත්තොත් අනිවාර්යයෙන්ම බදු ෆයිල් ඇරිලා විතරක් නෙවෙයි, බදු ගෙවන්නත් වෙනවා...!
Lankabarana Friday, 05 January 2024 04:13 PM
ඡන්දන කියනවා වගේ වාහන මිල නම් කෙසේවත් අඩුවෙන්නේම නැහැ. ඊට අමතරව ආදායම් බදුත් ගෙවන්නම වෙනවා. රජය හදන්නේ තව තවත් බදු ගැනීමට ක්‍රම සැකසීම මිස සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කිරීමක් නොවෙයි කියලා මතක තියාගන්න.. ඔය නිසා විදෙස් රැකියාවක් කර විදුලි මෝටර් රථ ගෙන්වීමට සිටි අයගේ බලාපොරොත්තුව වුණත් අඩුවෙන්න හෝ නැතිවෙන්න පුළුවන්...
Nandana Friday, 05 January 2024 08:17 PM
වාහන ගෙනල්ලා ටැක්ස් එක පැලෙන්න ගහයිද ?