(ආරියරත්න රණබාහු)
මෝටර් රථ නැවත ආනයනය කිරීම සඳහා රජය කටයුතු කරනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව එන්ජින් ධාරිතාව 1000CC ට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිත බව පැවසේ.
මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරි මාසය තුළ ගැනීමට අපේක්ෂා කරන බව එම සංගමය පවසයි.
අඩු එන්ජින් ධාරිතාවක් ඇති වාහන පමණක් ගෙන්වන්නේ විදේශ සංවිත ප්‍රමාණය ස්ථාවර මට්ටමක තබා ගැනීමේ අරමුණෙන් බවද සංගමය පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 8 ක් 10ක් පරණ ඇල්ටෝ වලට ලක්ෂ තිස් ගණන් කියන වෙලාවක හොඳ තීරණයක් .පෙබරවාරි මුල ඉඳන් ආනයනය ආරම්භ කරනවලු .දේශපාලන වාසියකට උනත් හොඳ තීරණයක්
වාහන සිහිනය සැබෑ කරගන්න බලාන ඉන්න හැමෝටම ජය වේවා
වාහන මාෆියා කාරයන්ට හොඳ මට්ටුව
ඕවා ගනැල්ලා මිනිස්සුන්ට ගන්න පුළුවන් සාධාරණ මිලකට දෙනවානම් වඩාත් හොඳයි
රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකිරීමට නොදන්නා මෝඩයෝ හැම එකක්ම බදුවලින්ම කරන්න තමයි දඟලන්නේ... ඉතින් රටේ තියෙන විනිමය පිටරටට යවා රටේ ඇතුළත තියෙන මුදල් රේගු ආදායම් ලෙසට අරගෙන රට හදන්න තමයි ඔය උප්පරවැට්ටියක් කරන්නේ කියලා හිතෙනවා... දැන් දැන් බොහෝමයක් කර්මාන්ත වැසීයාමට අරගෙන ඉවරයි... අපනයන ද්‍රව්‍ය නිෂ්පාදන ගැන බලන්නේ නැහැ. ව්‍යාපාරිකයෙක් දෙන්නෙක් සතුටුකර වාහන කොමිසක් ගන්නත් මේ නිසා පුළුවන් කමක් ලැබෙනවා. රටේ අහිංසක මිනිස්සු විදෙස්ගතවී බැලමෙහෙවර කර එවන සල්ලි මුන්දැලා ඔවුන්ගේ විනෝදාශ්වාදය සඳහා නාස්ති කරනවා මේ තීරණය නම් රටේ ආර්ථිකය අවපාත කිරීමට හේතුවක් වෙනවාමයි.
හැබැයි කවුරුත් හිතන්න එපා.... වාහන දැනට තියෙන මිල අඩුවෙයි කියලා... ඒ වගේම දැනට බදු නොගෙවන කවුරු හරි වාහනයක් ගත්තොත් අනිවාර්යයෙන්ම බදු ෆයිල් ඇරිලා විතරක් නෙවෙයි, බදු ගෙවන්නත් වෙනවා...!
වාහන ගෙනල්ලා ටැක්ස් එක පැලෙන්න ගහයිද ?