
(මනෝප්‍රිය ගුණසේකර සහ රෝෂන් තුෂාර)
මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවට බලපත්‍ර ගැනීමට පැමිණී ජනතාවගෙන් අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් සන්තකයේ තබාගත්තේ යැයි සැකපිට රිමාන්ඩ් බාරයේ රඳවා සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු තිදෙනො කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (04) නියම කළාය.
රුපියල් 25”000/- බැගින් මුදල් හා රුපියල් ලක්‍ෂ 20 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත මුදා හළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරමින් විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාරදීමටද විත්තිකරුවන්ට නියම කළාය.
සැකකරුවන්ට කිසිදු ආකාරයකින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තු කාර්යාලයට කාර්යාලයට හෝ එම පරිශ්‍රයට ඇතුල් වීම තහනම් කරමින් මහෙස්ත්‍රාත්වරිය නියෝගයක්ද පැණවුවාය.
මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයේ රඳවා සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වන ඩිලාන් නුවන් කුමාර, එහි සහකාර කළමණාකරුවකු වන ප්‍රදීප් නිශාන්ත හා ලිපිකරුවකු වන සමන්ත පෙරේරා නමැත්තන්ය.
පැමිණීල්ල කැඳවු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
සිද්ධියට අදාළව කළ විමර්ශන පිළිබඳ ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ නිලධාරීහු අල්ලස් කොමිසමට ලැබුණු රහසිගත බුද්ධි තොරතුරු වලට අනුව කාලයක් තිස්සේ කළ ආවේෂණ කටයුතු වලින් අනතුරුව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් පසුගිය මැයි 23 වැනිදා පස්වරුවේ කළ හදිසි වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් දැනුම් දුන්හ.
2025 නොවැම්බර් මස 04
487
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2229
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්ට ඇප
විපරමා Friday, 04 July 2025 05:42 PM
තව ඉන්නවා හොරාකාපු උන්, ගෑණු, පිරිමි, ලොක්කෝ, සුළු සේවකයෝ කියලා වෙනසක් නැහැ. වන්චනිකයෝ ඉන්නේ...