(ඉන්දිකා රාමනායක)
මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ (16) පැති තරඟය අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු සරසවි සිසු සිසුවියන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙනකු සහ සිසුවියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් නිලධාරීන් ඊයේ පස්වරුවේ ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රවේශපත්‍ර පරික්ෂා කිරීමේ කටයුතුවල නිරතවෙමින් සිටියදී මොවුන් ඇතුළු කණ්ඩායමක් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරකම් පාමින් නොසන්සුන්කාරී ලෙස හැසිරමෙන් පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඒම රාජකාරියට බාධා කර ඇති බව පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණයන්ගේ සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ නිර්පාක්ෂික අරගලය දියාරු කිරීමට පොලිසිය විසින් සිදුකරන ලද මෙම ක්‍රියාවට විරුද්ධව අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා..
සරසවි සිසුන් කිව්වට අන්තරේ අතකොලු තුනක් ඔය..
නොදකින් මේ වගේ උද්දච්ච උන් හින්ද කැම්පස් ප්‍රජාව දිහාම බලන්නේ එකම විදිහට.
උගත්තු හා බුද්ධිමත්තු කියන්නේ කොට්ඨාශ දෙකක් කියලා මේකෙනුත් ඔප්පු වෙනවා
ගැටලුව තියෙන්නේ අපේ උසස් අධ්‍යාපන ක්‍රමයේ. උසස් අධ්‍යාපන වරම් හිමි වුණාම හිත්න්නේ අපිට වඩා කවුරුත් නැහැ. මේ හැම දෙයකටම තමන්ගේ මඩිය තර කර ගන්න ලමුන්ට අධ්‍යාපනයට වඩා දේශපාලනය ලොකු කරගෙන් ප්‍රායෝගික නොවන සමාජවාදයක් ගොඩනගන්න හදන විශ්ව විද්‍යාල වල ඇදුරනුත් වග කියන්න ධිනේ. අනින් මිනිස්සු සන්සුන්ව ඉන්න කොට මෙයාලගේ හැසිරීම උසස් අධ්‍යාපනයටම කැලලක්. මට පේන්නේ හොදින් හිටිය මිනිස්සු අවුස්සන්න කරපු වැඩක්. හොයලා ශිෂ්‍යභාවය අහෝසි කරන්න ධ්නෑ.
අත්අඩංගුවට ගත් සරසවි සිසුන් වහා නිදහස් කරවු කියලා අන්තරේ ගිරවු රෑනටයි, ගෝල්ෆේස් "සාමකාමී" කට්ටියටයි විරෝධතා දක්වන්න අවස්ථාවක්.
මේ අය තමයි සිස්ටම් චේන්ජ් කරන්න යන අය. මොවුන්ගේ සිස්ටම් එක පේනවනේ... මේ ඔක්කොම ජවිපය. එහෙම නැතිනම් පෙරටුගාමී...
අරගලයේ අතුරු ප්‍රතිඵල...
ලංකාවේ සියලුම රජයේ විශ්ව විද්‍යාල පුද්ගලීකරණය කළ දවසට ඔය උඩඟුකම් ඔක්කොම නවතියි කුමා...
පොලිසිය දන්නේ මේ වගේ අය අත්අඩංගුවට ගන්න විතරයි. මේ පොලිසියේ අයට අර රට කන දේශපාලකයින්ට අත තියන්න බැහැ. ඔවුන්ට හරියන්නම මේවාට පොලිසියට සපෝර්ට් කරන අය ඉන්න එකයි කණගාටුව... අරගලයට ජය වේවා...!!! ගෝඨාව පන්නපල්ලා..!
නිකන්ම පොලිස් නිලධාරීන්ට සරසවි සිසුන් බලහත්කාරකම් පෑවයි කියන්න කොහොමටවත් බැහැ. සරසවි සිසුන් දිහා පොලිසිය බලන්නෙත් දෙන්නම් උඹලට බැටේ කියලා... කොහොම වුණත් වර්තමානයේ ජනතාවට අත්කර දී ඇති පීඩනයට එරෙහිව ඔවුන්ගේ පෙනී සිටීම සහ කැප කිරීම අගයකළ යුතුමයි. අපේ රටේ සමහරක් කොටසකට සරසවි සිසුන් කිව්වාම වහකදුරු වගේ. ඔවුන් දිහා බලන්නේ මහකුහක විදියට...!
මේ කාලකණ්ණින්ව අල්ලලා ගහලා උසාවි දාන්න ඕනේ...
ඕක පොලිසිය නීතිය අවභාවිතාකරනය කරන විදිය අර නුගේගොඩ පාර්ක් එකක හිටපු ළමයින්ට යකඩ පොලුවලින් ගහලා දෙමව්පියන්ට තර්ජනය කළේ. අට සමත් එවුන්ගෙ ඊරිසියාව... අර ඉන්දියාවේ වගේ පොලිසියට ගැහුවා නම් ඔය සැර අඩුවෙනවා. මිනිස්සු නීතිය දන්නේ නෑ කියලා මිනිසුන්ට අසාධාරණකම් කරනවා...
ඔය වගේ ලඳ, බොළඳ වැඩ කරන්න එපා. ඔය නිලධාරින් ඔක්කොම එකම මිම්මෙන් මනින්න එපා. එයාලා කරන්නේ රැකියාවක් තම දරුවන්ව රැකබලා ගන්න. ඔවුන්ට බැහැ. 100% ජනතාවගේ පැත්ත අරන් රජයට විරුද්ධ වෙන්න. ඒකට මේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනෑ. පොලිසිය, හමුදාව, උසාවිය 100% ක්ම කිසිඳු රාජ්‍ය ඇඟිලි ගැසීමකින් තොරව ස්වාධීන ආයතන ලෙස නිශ්චය වනතුරු ඔවුන් වහලුන් සේ රජයට ගැතිව සේවය කළ යුතුව ඇත. අරගලය සමග අප සැවොම ජීවත් වෙමු. සිස්ටම් වෙනස් කිරීමට ඔබ මම සැවොම සද්ක්‍රියව ඒ සඳහා ක්‍රියා කළයුතු බව නොරහසකි. එහෙත් මෙවැනි වැඩ කරන්න යන්න එපා. අවශ්‍ය විටෙක සාධාරණය වෙනුවෙන් අවිහිංසාවාදීව පෙනී සිටින්න.
මෙි කසල, වසල, අකුසල ස්ත්‍රී පුරැෂ කටිටිය ශ්‍රීමත් අයිවෝ ජෙනිංස් මැතිතුමාගේ නමටත් අගරු කරනවා.