(මනෝප්‍රිය ගුණසේකර)

"මග නැගුම මාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම" අධිකරණ ක්‍රියාවලියෙන් බැහැරව ගණන් බේරා වසා දැමීම වළකාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටි ආරච්චි මහතා අතුරු නියෝගයක් නිකුත් කළේය.

මග නැගුම මාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගමට තවකාලික ඈවරකරුවකු පත්කිරීමට නියම කළ විනිසුරුවරයා ගණන් බේරා වසා දමන තෙක් එම ඈවරකරු මගින් අදාල සමාගමේ ගිනුම පරික්ෂා කිරීමට වැඩිදුරටත් නියම කළේය .

කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අවසන් කිරීමට යෝජිත "මග නැගුම මාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම" අධිකරණ ක්‍රියාවලියෙන් බැහැරව ගණන් බේරා වසා දැමීමට කටයුතු කරන බව පවසමින් මග නැගුමට සේවා සැපයු පුද්ගලික සමාගමක් පැවරු පෙත්සමක් සලකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.

මඟ නැගුම ගණන් බේරා වසා දැමීමේ නඩුකරයට එරෙහිව ටූ.කෙ.කන්ට්‍රක්සන්ස් පුද්ගලික සමාගම මැදිහත් පෙස්සම්කරුවකු ලෙස පෙත්සමක් ඉදිරිපත් කළේය.