
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බස් රථ සහ දුම්රිය සඳහා නිසි ප්‍රවේශ පහසුකම් නොමැති කම නිසා ආබාධ සහිත අයට කුලියට වාහන ගෙන ගමන් බිමන් යන්නට සිදුවී ඇතැයි ද ඊට වැය වෙන මුදල් දරාගන්නට නොහැකියැයි පාර්ලිමේන්තු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක අනු කාරක සභාවේ දී ආබාධ සහිත වුවන්ගේ නියෝජිතයෝ පැමිණිලි කළහ.
බස්රථ වල ඇතැම් කොන්දොස්තරවරුන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ආබාධ සහිත පිරිස් බොහෝ අපහසුතාවන්ට ලක්වන බව ද ආබාධිත සංවිධන වල නියෝජිතයෝ කාරක සභාවට පෙන්වා දුන්හ.
මෙවැනි ගැටලු නිරාකරණය කිරීම සඳහා නීති සම්පාදනය කිරීම මෙන්ම ආබාධ සහිත පිරිස් පිළිබඳ දක්වන ආකල්ප යහපත් මට්ටමටකට ගෙන ඒමේ අවශ්‍යතාවයද ඔවුහු අවධාරණය කළහ.
එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් විය.
මෙම රැස්වීම සඳහා ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති,අනුකමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ද සහභාගී විය.
බස්රථ වල සහ දුම්රියවල ආසන, නීතියක් මඟින්ම ආබාධිත පුද්ගලයින් සඳහා වෙන්කිරීම, කොන්ද්සි විරහිතව ආබාධිත පුද්ගලයින් බස්රථ සඳහා නංවා ගැනීමේ අවශ්‍යතාවය, දුම්රිය ස්ථානවල ආබාධ සහිත පිරිස් වෙනුවෙන් සන්නිවේදන පහසුව උදෙසා සකස් වියයුතු දේ පිළිබඳව මෙන්ම ඔවුන්ට බලපා ඇති තවත් බොහෝ ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරිණි.
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2386
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මඟ තොටේ වන කෙනෙහෙළි ගැන ආබාධිත අය ගතු කියති