(කේ බුද්ධික කුමාරසිරි)
බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සමාගමේ හිටපු උප සභාපතිවරයාට මීගොඩ වල්පිට ගැමුණු මාවතේ දී වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම්බාරයේ සිටි සැකකරුවන් සිව් දෙනා 27 වෙනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය අද (13) දින නියෝග කළාය.
එම සැකකරුවන් අතුරින් වෙඩි තැබීම සිදු කළ බව කියන යුද හමුදාවෙන් පලා ගොස් සිටි සෙබළකු වන සැකකරු හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා එදිනට යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සමුපකාර රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු වන එම සමාගමේ මාතර දිස්ත්‍රික් සභාපතිවරයා වන මාතර පදිංචි චමින්ද ප්‍රසංග හිටපු යුද හමුදා සෙබළා , බස් රථ හිමියකු වන හොරණ බැල්ලපිටිය පදිංචි ළහිරු මනරම් සහ බස් කොන්දොස්තරවරයකු වන මතුගම නෑබඩ පදිංචි විජේසිංහ ආරච්චිගේ දුමින්ද යන අය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd