(කේ බුද්ධික කුමාරසිරි)

බත්තරමුල්ල සමූපාකාර රක්ෂණ සමාගමේ හිටපු උපසභාපතිවරයාට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට අදාලව මීගොඩ පොලිසිය අත්අඩංගුවට ගත් එම රක්ෂණ සමාගමේ මාතර ශාඛාවේ සභපතිවරයා ඇතුළු සැකකරුවන්  සිව් දෙනකු පැය 48ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනෙවිය අද අවසර දුන්නාය.

මෙලෙස රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර නිකුත් වුයේ සමූපාකාර රක්ෂණ සමාගමේ මාතර ශාඛාවේ සභාපති මාතර පදිංචි චමින්ද ප්‍රසංග, හිටපු යුදහමුදා සෙබළකු වන කුලියාපිටියේ පදිංචි සුරේෂ් ප්‍රසන්න, බස්රථ හිමිකරුවකු වන හොරණ බැල්ලපිටිය පදිංචි ළහිරු මනරම් සහ බස්රථ කොන්දොස්තරවරයකු වන මතුගම නෑබඩ ඩබ්ලිව්.ඒ. දුමින්ද යන සිව්දෙනෙකි. 

බත්තරමුල්ල සමූපකාර රක්ෂණ සමාගමේ සභාපති තනතුරේ වැඩබාර ගැනීමට යමින් සිටි එම සමාගමේ හිටපු උප සභාපතිවරයාට මීගොඩ වල්ලිට ගැමුණු මාවතේදි පසුගිය 5 වැනි දා උදෑසන වෙඩි තබා පළා ගොස් තිබුණි.