IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මගේ මතයේ වෙනසක් නෑ:සිත් රිදුමක් වුණා නම් සමාවෙන්න

මා කළ ප්‍රකාශයෙන් බෞද්ධ, හින්දු මුස්ලිම් සහෝදර සහෝදරියන්ට කිසියම් සිත් රිදවුමක් වුයේ නම් ඒ පිළිබඳව සමාව අයදින බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා පවසයි.

දේවගැතිවරයා මේ බව සඳහන් කළේ සිංගප්පූරුවේ සිට සූම් තාක්ෂණය ඔස්සේ ඉරිදා දේවමෙහෙයට එක්වෙමින්ය.

තමන්ගේ ප්‍රකාශය පිළිබඳව සිත් රිදීමක් වුයේ නම් ඒ ගැන සමාව අයදින නමුත් තමා කළ ප්‍රකාශය අසත්‍ය නොවන බව ද එහිදී ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා අවධාරණය කිරීම විශේෂත්වයකි.

විදේශගතව සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ කලින් සඳහන් කර තිබුණේ නියමිත දිනට දේවමෙහෙය දෙහිවල ප්‍රදේහයේ ස්ථානයකදී සූම් තාක්ෂණය ඔස්සේ සිදු කරන බවයි.

එහෙත් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ නැවත සටහනක් තබමින් ප්‍රකාශකර තිබුණේ දේවමෙහෙය නුගේගොඩ ප්‍රදේහයේ ස්ථානයකදී පවත්වන බවයි. ඒ අනුව එම ස්ථානයේදී දේවමෙහෙය  අරඹමින් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කළේය. තමා නැවත ලංකාවට පැමිණෙන බවත් තමාගේ නීතිඥයන් අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් එහිදි දේවගැතිවරයා සඳහන් කළේය. 



අදහස් (11)

මගේ මතයේ වෙනසක් නෑ:සිත් රිදුමක් වුණා නම් සමාවෙන්න

කිරිපුතා Monday, 22 May 2023 12:06 PM

මේ මිනිස්සු ආගමක් අදහන අය නෙවෙයි NGO සල්ලි අරන් රට රටවල ප්‍රශ්න මවන අය. මෙවැනි මානසික ව්‍යාධිවලින් පෙලෙනවුන් පස්සේ යන අයත් ඉන්න එකයි පුදුමෙ

:       7       76

ChannaMonday, 22 May 2023 12:18 PM

මහාචාර්ය විශේෂඥ වෛද්‍යවරුන්ට මිලියන 7ක් දන් දීලත් මැරෙන්න දින වෙන් කරලා තියෙද්දී, මාව ජීවත් කෙරුවේ දෙවියන් වහන්සේ...

:       46       8

පිස්සුපූසාMonday, 22 May 2023 05:29 PM

අනේ මෙහෙමත් මෝඩයෙක්... කොහෙද ඔය කියන දෙයියා ඉන්නේ...? කියන්න මටත් උන්දෑ හමුවෙන්න ඕනෑකමක් තියෙනවා. හරි ඔබේ විශ්වාසය හරි නම් තවත් අවුරුදු සියයක් ඉන්න. එහෙම බැරුව මැරෙන්න ගියොත් ඒ වෙලාවේ හරි ස්වභාව ධර්මයාට අනුගත වෙනවා හැර දෙයියන්ට කළහැකි දෙයක් නැහැ කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න.

:       4       4

samTuesday, 23 May 2023 12:23 AM

උබනං පට්ට ගොබ්බයෙක්, යකෝ ජෙරම කියන පට්ට හොරාට පුලුවන්නං උබව සනීප කරන්ඩ ඌට කියල අර ජැක්සන් ඇන්තනීවත් සනීප කරපන්කො. මම හිතන්නෙ ජෙරම උබට වෙන මොනව හරි කලාද දන්නැහැ. ගොනෝ දොස්තරල දුන්න බෙහෙත් වලින් සනීප වෙලා සල්ලි වලට හොර ජෙරමට කත් අදින්ඩ එපා. ජෙරම් කියන එකට දේව ගැති කියල කතෝලික ආගමට අපහාස කරන්ඩ එපා. ඌ අපිරිසිදු ලෝක හොරෙක්.

:       2       0

දුෂ්ශ්‍යන්තMonday, 22 May 2023 12:48 PM

ඒක ඇත්ත කියන්න පුළුවන්... මොකද ඒ මිනිහාට කරන්න කියපු දේ කරලා ක්ෂණිකව ගාස්තුව ගන්න ගියා කියලා හිතෙන නිසා. සමාව ඉල්ලා වැඩක් නැහැ. මොවුන්ගේ ප්‍රජා අයිතිය ජීවිතාන්තය දක්වා අහෝසි කරන්න ඕනෑ. ඔහුගේ අනුගාමික දේශපාලුවෝ ඔක්කොමලාත් පරාජය කරන්න ඕනෑ...

:       5       33

චන්දන Monday, 22 May 2023 01:00 PM

මෙවැනි ඩොලර් කාක්කන්ට එරෙහිව රජය ක්‍රියා කරන්නේ නැති බව පැහැදිලියි. බොරුවට රඟනවා. ජනතාව රවට්ටනවා. මේ හොරු රැල එළවන්න ඕන හේතු දැන් ඕනවටත් වඩා තියෙනවා.

:       5       22

නිහාල් Monday, 22 May 2023 01:05 PM

අපේ මතයෙත්... වෙනසක් නෑ. අපි ආයේ ජාතිවාදී, ආගම්වාදී කුමන්ත්‍රණවලට අහුවෙලා රට බේරාගන්න තියන අවසාන අවස්ථාව කියලා කිසි එකෙක්ට ඡන්දෙ දෙන්නේ නැහැ.

:       3       22

Samitha S. Aluthgamage Monday, 22 May 2023 01:30 PM

ජේරමියා හරි වෙනත් කවුරු හරි බුද්ධ දේශනාව ගැන අදහස් පවසන්නේ ඒ කියනා කෙනාගේ දැනීම හා අවබෝධය මතයි. ලොව්තුරා බුදුවරයෙකුගේ හා දහම ගැන හරිහැටි කරුණු කාරණා නොදන්නා අණුවනයින් කියනා පිස්සු කතා දෙස සමච්චල් ලෙසින් බැලිය යුතුයි. ජෙරමියා නෙමෙයි තව කොපමණ අය මොනවා කීවත් බුදු හාමුදුරුවන්ට හෝ නිර්මල දහමට හානියක් කරන්නට බැහැ. බල්ලන් බිරුවාට කඳු පාත් වෙන්නේ නැහැ. බල්ලාට හති වැටුණාම බිරීම නවතිනවා. කන්ද එසේම පවතිනවා.

:       4       39

සුගත් රෝහණ කුමාර Monday, 22 May 2023 02:07 PM

මේ වගේ එන්.ජි.ඕ කාක්කන් හා අපේ බෞද්ධ කියාගන්නා අයට ඕවා වැඩක් වුණාට නියම නිර්මල බුදුදහමට හානියක් වෙන්නේ නෑ. තම තමන් වපුරපු දේ අනුව පල නෙලා ගන්න පුළුවන්. දහම සදාකල් පවතිනවා.

:       3       32

Jackson Monday, 22 May 2023 06:57 PM

ඔය මොන ජෙරමියා ආවත් අපි නම් මෙදාපාර රට බේරාගන්න අවසන් අවස්ථාව කියලා මහින්දගේ හෙන්චයියන්ට ඡන්දෙ දෙන්නේ නෑ නෑමයි...

:       0       4

Bamunuarachchi Monday, 22 May 2023 07:20 PM

ඔබේ මතයෙන් අපිට සතේක වැඩක් නැහැ. මේක බෞද්ධ රටක් නිසයි.. පුළුවන් නම් යන්නකෝ සෞදි අරාබියට ගිහිල්ලා ඔය ටික කියන්නකෝ.. එහෙනම් බෙල්ල කපන්නේ සිකුරාදා දවල් පළාතේම ඉන්න සෞදියෝ ගෙන්නවලා... අපේ හිත රිදිල්ල කොහොම වුණත් ඔබේ ඇඟට රිදෙන්න නම් ලැබේවි කියා හිතනවා...

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site