
බස්නාහිර,සබරගමුව, මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර,නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100කට වැඩි තද වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඌව සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට වැසි වාර කීපයක් ඇති වේ.
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට පැයට කිලෝ මීටර් 40 -45 අතර තද සුළං ඇතිවිය හැකියි.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘‘මොඛා‘‘ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වි මැයි 11 වැනි දින 23.30 වන විට 12.70 N iy 88.10 E ආසන්නයේ කේන්ද්‍රගතව පැවැතිණි. එම සුළං පද්ධතිය උතුරු දෙසට ගමන් කරමින් ඉදිරි පැය 6 තුළදී මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත. තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට ගමන්කරන මෙම පද්ධතිය මැයි 14 වන දින දහවල් පමණ ගිනිකෝන දිග බංගලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු අක්ෂාංශ 03-20ත් සහ නැගෙනහිර දේශාංශ 85-100ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ බහුදින ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාපත සිට පුත්තලම,මන්නාරම,මුලතිවු සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන විට අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd