IMG-LOGO

මැක්රොන්ට යළිත් ජනවරමක්

මධ්‍යස්ථමතධාරී ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට යළිත් ජනවරමක් හිමිවිය. ඒ, ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ දී ප්‍රතිවාදී අපේක්ෂිකා මරීන් ල පෙන් පරාජය කරමිණි.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී අවසන් වෙද්දී 44 හැවිරිදි මැක්රොන් සියයට 58 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන තිබුණු අතර, අන්ත දක්ෂිණාංශික ජාතිකවාදී අපේක්ෂිකා 53 හැවිරිදි අපේක්ෂිකා මරීන් ල පෙන් ට දිනා ගැනීමට හැකිවූයේ සියයට 42 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

ඒ අනුව, දශක දෙකකට පසු, පිටපිට ජනාධිපතිවරණ දෙකක් ජයග්‍රහණය කළ පළමු ප්‍රංශ ජනාධිපති ලෙස මැක්රොන් සැලකෙයි.

මැක්රොන්ගේ ජයග්‍රහණය තහවුරු වූ සැණින්, ල පෙන් මැක්රොන්ට සුබ පතමින් කියා සිටියේ එය ඉතා විශිෂ්ට ජයක් බවය. ‘ඒක ඇත්තමට විශිෂ්ට ජයග්‍රහණයක්. ජනමතයට මා හිස නමනවා. මැක්රොන්ට මා සුබ පතනවා’ යැයි ල පෙන් පැවැසුවාය.

(රොයිටර්)



අදහස් (3)

මැක්රොන්ට යළිත් ජනවරමක්

Pradeep Kumara Monday, 25 April 2022 10:02 AM

අන්න එහෙමයි වෙනත් රටවල අය හැසිරෙන්නේ....! අපේ රටේ නම් පැරදුණු කෙනා කියන්නේ මැතිවරණය දූෂිතයි, සාධාරණව සිදුවුනේ නෑ, එයාලගේ අය හොර ඡන්ද දැම්මා වැනි දේවල්... මේ වගේ පරාජය නිහතමානීව විඳදරා ගනිමින් ජයග්‍රාහකයාට සුබපැතීමට තරම් හැකියාවක් අපේ අයට නෑ..

:       0       2

ලක්සිරි පැරිස් Monday, 25 April 2022 03:09 PM

මෙහේ ඡන්දෙ තිබුණාද කියලා මට සැකයි... මම හිතන්නේ මගේ රටේ වගේ සත්තු නැති නිසා. කිසිම කලබලයක් නැහැ. අපි කවදාද හිනැහෙන්නේ මගේ මේ පුංචි රටේ..?

:       0       0

AB Monday, 25 April 2022 04:33 PM

මැක්රොන්ට වම සහ දකුණ නොව, මැද මාවත තෝරාගැනීම ඔහුගේ ජයග්‍රහණයේ සාර්ථකත්වය වන්නට ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 30 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 55 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1621 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site