(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට මූලික පදනම දැමූ තේ කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා කටයුතු කරන ‘මලයාග මක්කල්’ ප්‍රජාව හෙවත් ‘ඉන්දියානු දෙමළ’ එසේත් නැත්නම් ‘උඩරට දමිල’ ප්‍රජාව විවිධාකාරයෙන් වෙනස් කර සැළකීම තුරන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයට සහ ජනතාවට ආරාධනා කරන බවත් එමගින් ඔවුන්ට සත්‍ය වශයෙන්ම බහු ආගමික සහ බහු වාර්ගික ශ්‍රී ලංකාවක සමාන පුරවැසියන් බවට පත්විය හැකි බවත් ‘ලංකා සභාව’ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකාව 75 වැනි නිදහස සමරන එෛතිහාසික අවස්ථාවේදී ලංකා සභාව, ක්‍රිස්තුස් වාහන්සේගේ ප්‍රජාව ලෙස ‘මලයාග මක්කල්’ ප්‍රජාව සමඟ එක්ව ගමන් කරමින් යුක්තිසහගත සහ ඔවුන් ලැබිය යුතු අරමුණු සහ ඉලක්ක වෙත ගමන් කරන බවත් ‘මලයාග මක්කල්’ ප්‍රජාව මෙම වසරේ ශ්‍රී ලංකාව තුළ වසර 200 ක පැවැත්ම සනිටුවහන් කරන බවත් එම සභාව කියයි.
එම ප්‍රජාව කළ ඉතා වැඳගත් දායකත්වය පිළිනොගැනීම සහ අගය නොකිරීම සහ දශක ගණනාවක් පුරා පද්ධතිය තුළින් වූ වෙනස්කර සැළකීම හුදෙක්ම කණගාටුවට කරුණක් බව කියන ‘ලංකා සභාව’ අභිමානය පෞද්ගලිකත්වය, අර්ථිකමය සුරක්‍ෂිතභාවය සහ අධ්‍යාපනික අවස්ථාවන් වැනි සෙසු මුලික මානව අයිතීන් ද ඔවුන්ට හිමිවිය යුතු බව ද අවධාරණය කරයි.
එම නිවේදනයට ලංකා සභාවේ කොළඹ රදගුරු දුෂාන්ත රුද්‍රිගු පියතුමා, ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ සභාපති ඩබ්ලිව්. ජී. එබනීසර් ජෝසෆ් දේවගැතිතුමා, ලංකා සභාවේ කුරුණෑගල පාලක රදගුරු ජනරාල් හිමි කීර්ති ප්‍රනාන්දු රදගුරුතුමා සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ මහ ලේකම් සුජිත සිවනායගම් දේවගැතිතුමා අස්සන් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මක්කල්’ ප්‍රජාව ගැන ලංකා සභාවෙන් නිවේදනයක්
Prabha Monday, 30 January 2023 06:04 PM
ඔවුන්ට සාධාරණයක් වෙන්න ඕනෑ... එකේ කතා දෙකක් නැහැ. ඒත් මෙතන පල්ලියට තියෙන්නේ අවංක වුවමනාවක්ද?
anaTuesday, 31 January 2023 03:31 AM
වෙන කවුරුත් කථා කරනවා ද ඔවුන් ගැන. කාට ද අවංක උවමනාවක් තියෙන්නේ.... එහෙනම් එවුන් කතාකරපියව් කෝ....
යෝගා Monday, 30 January 2023 06:19 PM
සෑම අඩුපාඩුවකින්ම තමුන්ගේ ආගම්වලට මුක්කුවක් ගහගන්න තමයි ආගම් විකුණන් කන අයට ඕනේ... සෑම ආගමකින්ම තරුණ පරපුර ඈත්වන නිසා අහිංසකයින්ව බාගන්න හදනවා..
anaTuesday, 31 January 2023 03:36 AM
තිබුණු ආගම්වලින් හරි හමන් පිළි ගැනීමක් නැති නිසා තමයි අහිංසකයින් වෙනත් ආගම්වලට යන්නේ.. හැම ආගමක්ම තමන්ගේ අනුගාමිකයින් වැඩි කර ගන්න තමයි හදන්නේ. ඒක වසර සිය ගනනකට කලින්ද, දහස් ගණනකට කලින්ද සිද්ද වුණේ නැත්නම් අදද සිද්ද වෙන්නේ යන්න වැදගත් නැහැ. එහෙම ව්‍යාප්ත නොවුණ නම් හැම ආගමක්ම එය උපන් බිමට සීමා වෙනවා.