(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට මූලික පදනම දැමූ තේ කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා කටයුතු කරන ‘මලයාග මක්කල්’ ප්‍රජාව හෙවත් ‘ඉන්දියානු දෙමළ’ එසේත් නැත්නම් ‘උඩරට දමිල’ ප්‍රජාව විවිධාකාරයෙන් වෙනස් කර සැළකීම තුරන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයට සහ ජනතාවට ආරාධනා කරන බවත් එමගින් ඔවුන්ට සත්‍ය වශයෙන්ම බහු ආගමික සහ බහු වාර්ගික ශ්‍රී ලංකාවක සමාන පුරවැසියන් බවට පත්විය හැකි බවත් ‘ලංකා සභාව’ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකාව 75 වැනි නිදහස සමරන එෛතිහාසික අවස්ථාවේදී ලංකා සභාව, ක්‍රිස්තුස් වාහන්සේගේ ප්‍රජාව ලෙස ‘මලයාග මක්කල්’ ප්‍රජාව සමඟ එක්ව ගමන් කරමින් යුක්තිසහගත සහ ඔවුන් ලැබිය යුතු අරමුණු සහ ඉලක්ක වෙත ගමන් කරන බවත් ‘මලයාග මක්කල්’ ප්‍රජාව මෙම වසරේ ශ්‍රී ලංකාව තුළ වසර 200 ක පැවැත්ම සනිටුවහන් කරන බවත් එම සභාව කියයි.
එම ප්‍රජාව කළ ඉතා වැඳගත් දායකත්වය පිළිනොගැනීම සහ අගය නොකිරීම සහ දශක ගණනාවක් පුරා පද්ධතිය තුළින් වූ වෙනස්කර සැළකීම හුදෙක්ම කණගාටුවට කරුණක් බව කියන ‘ලංකා සභාව’ අභිමානය පෞද්ගලිකත්වය, අර්ථිකමය සුරක්‍ෂිතභාවය සහ අධ්‍යාපනික අවස්ථාවන් වැනි සෙසු මුලික මානව අයිතීන් ද ඔවුන්ට හිමිවිය යුතු බව ද අවධාරණය කරයි.
එම නිවේදනයට ලංකා සභාවේ කොළඹ රදගුරු දුෂාන්ත රුද්‍රිගු පියතුමා, ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ සභාපති ඩබ්ලිව්. ජී. එබනීසර් ජෝසෆ් දේවගැතිතුමා, ලංකා සභාවේ කුරුණෑගල පාලක රදගුරු ජනරාල් හිමි කීර්ති ප්‍රනාන්දු රදගුරුතුමා සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ මහ ලේකම් සුජිත සිවනායගම් දේවගැතිතුමා අස්සන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ට සාධාරණයක් වෙන්න ඕනෑ... එකේ කතා දෙකක් නැහැ. ඒත් මෙතන පල්ලියට තියෙන්නේ අවංක වුවමනාවක්ද?
සෑම අඩුපාඩුවකින්ම තමුන්ගේ ආගම්වලට මුක්කුවක් ගහගන්න තමයි ආගම් විකුණන් කන අයට ඕනේ... සෑම ආගමකින්ම තරුණ පරපුර ඈත්වන නිසා අහිංසකයින්ව බාගන්න හදනවා..