(පුෂ්පකුමාර ජයරත්න)
මෙතෙක් පෞද්ගලික සංචාරක සංවිධාන ආයතන මගින් සංවිධානය කරන ලද මක්කම හජ් වන්දනා කටයුතු ඉතා අඩු මුදලකට මේ වසරේ සිට රජයේ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව පියවර ගෙන ඇත.
හජ් වන්දනා සමයේදී පෞද්ගලික සංචාරක සංවිධාන ආයතන රුපියල් 800,000ක් ඉක්මවන අධික මුදලක් අය කිරීමෙන් මුස්ලිම් බැතිමතුන් පත්වන අසීරුතාවයෙන් ගලවා ගැනීම සඳහා ආගමික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව එක් වන්දනාකරුවෙකුට රුපියල් 500,000ක් වන අඩු මුදලකට මෙවර මක්කම සංචාරය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා මුස්ලිම් බැතිමතුන්ට හිමිවන බව ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් සත්තාර් මහතා ප්‍රකාශ කළේය.
මෙවර හජ් වන්දනාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව රුපියල් ලක්ෂ පහක මුදලකට අංග සම්පුර්ණ ගමන් පැකේජයක් සකසා ඇති බවද අබ්දුල් සත්තාර් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ සිට මක්කම දක්වා යාමට සහ ඒමට අවශ්‍ය ගුවන් ටිකට්පත්, වීසා ගාස්තු, මක්කම ශුද්ධ වූ නගරයට ආසන්නව තරු පහේ හෝටලයක නවාතැන් පහසුකම්, යක්ෂයාට ගල් ගසන ස්ථානය අසල නවාතැන් ගැනීම සඳහා බී ශ්‍රේණියේ නවාතැන් සහිත කූඩාරමක්, සවුදි රටේ ආහාර වෙනුවට ශ්‍රී ලාංකීය ආහාරපාන, ප්‍රවාහන පහසුකම්, වන්දනාමාන කටයුතු සඳහා පුහුණුව ලත් ආගමික මාර්ගෝපදේශ ආදී සියලුම පහසුකම් මෙම ගමන් පැකේජයට ඇතුළත් වන බව අබ්දුල් සත්තාර් මහතා සඳහන් කළේය. වන්දනාකරුවන්ට අවශ්‍ය ආහාරපාන සැකසීම සඳහා මෙරටින් අරක්කැමියන් රැගෙන යන බවද ඒ මහතා පැවසීය.
“පසුගිය රජය සමයේදී පසුගිය වසරේ ශ්‍රී ලංකාවට සවුදි අරාබියෙන් ලැබුණු හජ් වන්දනා කෝටාව 2700 යි. නමුත් නව ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව මේ වසර සඳහා එරටින් 3500 ක කෝටාවක් අපේ රටට ලැබී තිබෙනවා. නමුත් මේ වසරේ හජ් වන්දනාව සඳහා මේවනවිට අපේ කමිටුව වෙත 4600 ක අයැදුම්පත් ලැබී තිබෙනවා. මේ නිසා අපිට 6000 ක් දක්වා වන කෝටාවක් ලබා දෙන ලෙස සවුදි අරාබි රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා” යැයිද අබ්දුල් සත්තාර් මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඹදිව වන්දනා ගාස්තු අඩු කරන්නකෝ... පින්...
රජය කොච්චර පහසුකම් දෙනවද? මොනවා වුණත් මුස්ලිම් කට්ටියට හොඳින් සලකනවා.
අවුරුදු පතා මක්කම යන මුස්ලිම්වරු වැඩිම වුණොත් තුන් හාර දහසකගේ ඡන්දටික නම් මහින්ද මහත්තයට ලැබේවි...
මේවා පුද්ගලික ගමන්. ඒවා ඒ අයගේ කැමැත්ත පරිදි කරගනියි. රජය මැදිහත් විය යුත්තේ දැනට අහස උසට ඇති එළවලු මිල අඩු කරන්නයි. අපි ඡන්දෙ දුන්නේ මක්කම ලාබෙට යන්න නම් නෙවෙයි.
රට ගියාම රුපියල් 500, 000 x 6000 = RS 3 000 000 000. (පිටට යනවා ) ණය ගෙවන්න තමයි සල්ලි නෑ කියන්නේ. අනේ අනේ අගමැතිතුමා. ඉන්නකෝ අපි 2/3 දෙනකම්...
නව රජයට ගොඩක් පින්...
මෙතුමා ගිය ආත්මේ මරක්කලයෙක්ද කොහෙද? බෝම්බ ගැහුවත්, ඡන්දෙ නොදුන්නත් පුදුම ආදරයක්නේ තියෙන්නේ...
තුනෙන් දෙකක්ම දෙන්නම්... බලාගෙන ඉන්න.
මම හිතන්නේ මේක හොඳ දෙයක්... රටේ යම්කිසි ජනතාවගේ ආගමික අවශ්‍යතාවයන් සඳහා රජය පෙනී සිටිමින් ඔවුන්ට තමන්ගේ ගමන් සාර්ථක කරගන්න උදව් කිරීම... ඒ වගේම මෙහිදී රජයට අමුතුවෙන් මුදල් වැය කිරීමක් සිදුවෙන්නේ නැහැ. ලක්ෂ 8ක් කියන්නේ විශාල මුදලක්... එය ලක්ෂ 3කින් අඩු කිරීම විශාල මෙහෙවරක්... මේ පිළිබඳව රජය තව මුස්ලිම් ජනතාව දැනුවත් කළ යුතුයි. මොකද පවතින රජයට මුස්ලිම් සහ දෙමල ඡන්ද භාවිතාව අඩු බව පෙනී ගියා. රජයක් කියන්නේ රටේ සියලු ජනතාව ගැන බැලිය යුතුයි. ඔවුන් ඡන්දය පාවිච්චි කළාද නැද්ද කියන එක බලන්නේ නැතිව ඔවුන් ක්‍රියා කිරීමෙන් බොහෝවිට මගහැරී ගිය මුස්ලිම් සහ දෙමල ඡන්ද ලබාගැනීමට හැකියාවක් තිබෙනවා.
කාගේ හෝ ආගමික නිදහසට අපි බාධා නොකළ යුතුයි. සියලු ආගම් ඇදහීමට නිදහස හා අනුබල, ආධාර ලබා දීම හොඳයි. මේ වගේම දඹදිව වන්දනා නඩ වලටත් සහන සැලසීමට පියවර ගනු ඇතැයි අපේක්ෂා කරමු. කීදෙනෙක් නම් දඹදිව වන්දනා වලදී නිසි පහසුකමක් නැතිව පීඩා විඳිනවද? බලමු අගමැතිතුමාගේ ප්‍රතිචාරය බෞද්ධ වන්දනා කරුවන් ගැන...
මහින්ද මහත්තයා බලන් ඉන්න ළඟදීම අපිත් දෙන්නම්. ඔබතුමාටත් මක්කමටම යන්න.. ඔහොම යන්, ඔහොම යන්...
ජනපතිතුමා රටට එන ආදායම වැඩි කරන්න හදනවා.. මේ මනුස්සයා රටේ සල්ලි පිට යන එක වැඩිකරනවා. ඔබතුමා එක්කෝ අයින් වෙලා ජනපතිතුමාගේ වැඩසටහනට සුදුසු කෙනෙක් පත්කරගන්න ඉඩ දෙන්න... නිකන් විකාර නොකර..
ඉතා හොඳවැඩක්.... ලක්ෂ 3ක් ඉතිරි කරදීම ඔවුන්ට කරන ලොකු ප්‍රතිලාභයක්... රජයේ මැදිහත්වීම අගය කරනවා. එක් පුද්ගලයෙක් ලක්ෂ 3ක වත් අමතර තව වියදම් කළොත් මිලියන 2800ක් රටින් පිටට යනවා. එහෙත් කලින් පිටට ගිය මුදලට වඩා අඩු ඇති. කොහොමද ටිකිරි මොලේ..!!
දැවෙන ප්‍රශ්න වූ මද්රසා පාසල් ලියාපදිංචිය ඉක්මන් කරදීම හා මක්කම වන්දනාවේ ගාස්තු අඩුකිරීමට රජය ක්ෂණිකව මැදිහත්වීම වෙනුවෙන් ඡන්දය දුන් 69 ලක්ෂයේ හදපිරි මෙව්වා එක. පුලුවන්නම් ඉක්මණින්ම නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලයත් ලියාපදිංචි කරලා දෙන්න. ඒ සඳහා ඡන්දයට පෙර ක්‍රියාමාර්ග ගනුඅැතැයි අපගේ විශ්වාසයයි...
හජ් වන්දනාව සඳහා ලක්ෂ 8 ක් තරම් විශාල මුදලක් කලින් අය කළත් මෙයින් වැඩි පංගුවකින් මඩිය තර කර ගත්තේ ඒජන්සිකාරයන්ය. සැබෑ වියදම ලක්ෂ 3ක් හෝ 4ක් පමණ වේ. මෙම මුදල සෑම විටම පිටරට ඇදී යයි. මේ නිසා රජය මැදිහත් වීමෙන් ගාස්තුව ලක්ෂ 5 කට අඩු කළත් රජයට අවම එක් වන්දනා කරුවෙකුගෙන් ලක්ෂ 1 ක අදායමක් ලබා ගත හැක. මේ නිසා මෙතෙක් කල් ඒජන්සි අසාධාරණව අයකරගනිමින් සිටි ලාභය රජයට හිමිවේ.
ලංකාවේ මුස්ලිම් අයට කිසිම කෙලෙහි ගුණයක් නැත. අපි නිතරම දකින්නේ අවස්ථාවාදී වැඩ පමණයි. වෙනස් වුණොත් හැමෝටම හොඳයි...
මුස්ලිම් අයව මක්කම යවන්න තියෙන හදිස්සිය මුස්ලිම්, දෙමළ අය බෞද්ධ අපේ පූජනීය ස්ථාන බලෙන් අල්ලගෙන ඉන්න ඒවා විසඳලා දෙන්න නැහැනේ. කූරගල, දෙවනගල, මුහුදුමහා විහාරය වගේ කොච්චර පූජනීය ස්ථාන අන්‍යාගමික අය අල්ලගෙන ඒවාට කතා නැහැ. නමුත් ඡන්දෙ කාලෙට පන්සල් ගානේ යනවා මල් වට්ටි උස්සන්... ඔය පන්සල්වල හාමුදුරුවොත් නිගන්ඨ ආගම වෙන්න ඇති පිළිපදින්නේ... ඡන්ද කාලෙට මල්වට්ටි උස්සගෙන එනකොට බෞද්ධ පූජස්ථානවලට මේ මිනිස්සු කරන විනාශ පෙන්වලා දෙන්නේ නැත්තේ ඇයි?