
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පිළිබඳව දිනෙන් දිනම අලුත් තොරතුරු වාර්තා වෙමින් තිබෙන තත්ත්වයක් තුළ දේශපාලනය උඩු යටිකුරු වී තිබේ.
ආණ්ඩුවට මේ වන විට මුහුණදීමට ඇති ප්‍රධානතම අභියෝගය කොරෝනා වසංගතය වන අතර ඊට මුහුණදීම සඳහා හැකිතාක් තහංචි දමමින් ජනතාව වින්‍යානුකූල ක්‍රියාමාර්ගවලට යොමුකිරීමට ඉකුත් මාසය පුරාම ආණ්ඩුව කටයුතු කළේය. රට පුරා ඇඳිරි නීතිය පැනවීම, සුරාසැල්, සිනමා ශාලා වසා තැබීම ඇතුළු විවිධ ක්‍රියාමාර්ග ඉතා කඩිනමින් ගැනීම නිසා රට පුරා සිදුවීමට ගිය මහා විනාශයක් නතර කර ගැනීමට හැකිවූ බව ආණ්ඩුව ප්‍රකාශ කරන්නේය. කෙසේ වෙතත් විපක්ෂයේ දේශපාලන පක්ෂ ආණ්ඩුවටත් මැතිවරණ කොමිසමටත් දිගින් දිගටම චෝදනා එල්ල කරන්නේ හදිසියේ මහා මැතිවරණය පැවැත්වීමේ සූදානම ගැනය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව වසර හතර හමාරක් ගතවූ පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඒ වන විට ලෝකයේ කොරෝනා ව්‍යාප්තිය ගැන යම් ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගනිමින් තිබිණ. කෙසේ වෙතත් මැතිවරණ කොමිසම දින නියම කරමින් මහා මැතිවරණය සඳහා නාමයෝජනා බාරගත්තේය.
සාමාන්‍යයෙන් නාමයෝජනා කැඳවූ පසුව පිළිගත් නාමයෝජනා සහ ඒ ඒ අපේක්ෂකයන්ගේ මනාප අංක හා දේශපාලන පක්ෂ සලකුණු ආදිය ප්‍රකාශ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළ යුතුය. එහෙත් පවතින වාතාවරණය හමුවේ මනාප අංක සහිත අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කළේය. මහා මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදින පවත්වන බව පමණක් සඳහන් කරමින් මැතිවරණ කොමිසම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කළේය.
කෙසේ වෙතත් පවතින හදිසි තත්ත්වය සලකා කොමිසම නැවත වතාවක් නිවේදනය කළේ මහා මැතිවරණය කල්තබන බවය. ඒ සඳහා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ ද මහා මැතිවරණය පැවැත්වෙන දිනයක් ගැන සඳහන් වූයේ නැත. ඒ අනුව ඡන්ද විමසීම දින නියමයක් නැතිව කල් තැබිණ. ඒ අතර මැතිවරණ කොමිසම අලුත් තත්ත්වයක් මතුකරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැව්වේය. ඉන් කරුණු ඉදිරිපත් කර තිබුණේ පවතින තත්ත්වය තුළ ඡන්ද විමසීම පැවැත්විය නොහැකි නිසා ව්‍යවස්ථාමය අර්බුදයක් මතු විය හැකි බවකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා මාස තුනක් ඇතුළත අලුත් පාර්ලිමේන්තුව කැඳවිය යුතුය. ඒ අනුව නව පාර්ලිමේන්තුව කැඳවීමේ අවසන් දිනය ජූනි මස 2 වැනිදාය. එදිනට පාර්ලිමේන්තුව කැඳවීමට නම් අනිවාර්යයෙන්ම මැයි මස 25 වැනි දිනවත් මහා මැතිවරණය පැවැත්වීය යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කර තිබිණි. ජනාධිපතිවරයාට යවා තිබූ ලිපියේ සඳහන් කර තිබුණේ ඉහත කී අර්බුදය ගැනය.
ඒ අනුව මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසය. මැතිවරණ කොමිසමේ ලිපියට හා ස්ථාවරය ජනාධිපතිවරයා සතුටු වූයේ නැත. ජනාධිපති ලේකම්වරයා ලවා ඔහු කොමිසමට තරමක තද පිළිතුරක් යවමින් කරුණු දක්වා තිබිණ. මැතිවරණය මැයි මස 25 වැනි දින පැවැත්විය නොහැකි බවක් කල්තියා ප්‍රකාශ කරන්නේ කෙසේ දැයි ජනාධිපතිවරයා කොමිසමෙන් ප්‍රශ්න කර තිබුණේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ යෝජනාව ද ප්‍රතික්ෂේප කර තිබුණේය. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ද නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසමට නීති තර්ක ඉදිරිපත් කර තිබිණ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මැතිවරණ කොමිසම දැඩි ලෙස විවේචනය කරමින් ලිපියක් යොමු කළේය. මැතිවරණය කල් තබන ගැසට් නිවේදනය නිකුත් කිරීමේදී මීළඟට ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශ නොකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකැයි විජයදාස රාජපක්ෂ මැතිවරණ කොමිසමට චෝදනා කළේය.
ආණ්ඩුවත් මැතිවරණ කොමිසමත් අතර සීතල යුද්ධයක් හටගත්තේ මේ කරුණු කාරණා නිසාය. කෙසේ වෙතත් අවසානයේ මැතිවරණ කොමිසමට අඩියක් පසුපසට ගැනීමට සිදුවූයේය. කොමිසම ඉකුත් අඟහරුවාදා පස්වරුවේ රැස්වී මහා මැතිවරණයට දින නියම කළේය. මහා මැතිවරණය ජූනි මස 20 වැනි දින පැවැත්වෙන බව සඳහන් කරමින් මැතිවරණ කොමිසම අතිවිශේෂ ගැසට් නිවේදනයක් මේ වන විටද නිකුත් කර තිබේ. එහෙත් අපේක්ෂකයන්ගේ මනාප අංක හෝ ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල සලකුණු ආදිය ඇතුළත් ගැසට් නිවේදනය තවමත් නිකුත් කර නැත.

සාමාන්‍යයෙන් මැතිවරණ දිනය ප්‍රකාශ කළ පසුව ඒ ඒ අපේක්ෂකයන්ට හා දේශපාලන කණ්ඩායම්වලට සති හයත් අටත් අතර කාලයක් ප්‍රචාරණ කටයුතු සඳහා ලබාදිය යුතුය. දේශපාලන පක්ෂ සඳහන් කරන්නේ මැතිවරණ කොමිසම හිතාමතාම මනාප අංක ලබාදීම කල් තබා ඇති බවය.
මේ අතර ජූනි මස 20 වැනි දින ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බවට විපක්ෂයේ දේශපාලනඥයෝ දැඩි මතයක එල්බ සිටිති. එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙන්ම අනෙකුත් විපක්ෂයේ සියලු සුළු පක්ෂ මේ අවස්ථාවේ මැතිවරණය ප්‍රතික්ෂේප කර තිබේ. දේශපාලන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් ඉකුත් අඟහරුවාදා මැතිවරණ කොමිසමේ පැවැති අතර, ඒ සඳහා මෙවර තරග කරන දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වලට ආරාධනා කර තිබුණේය.
මැතිවරණ දිස්ත්‍රික්ක දහයකට වඩා වැඩියෙන් තරග කරන දේශපාලන පක්ෂවලට අඟහරුවාදා පෙරවරු 10ට පැමිණෙන ලෙසත්, අඩු දිස්ත්‍රික්ක සංඛ්‍යාවකට තරග කරන පක්ෂ හා කණ්ඩායම්වලට පෙරවරු 11ට පැමිණෙන ලෙසත් කොමිසම දන්වා තිබිණ. ‘‘මැතිවරණ කොමිසමේ ශ්‍රවණාගාරයේ ඉඩ මදියි. අපි පක්ෂ හා කණ්ඩායම් කොටස් දෙකකට බෙදලා ගෙන්නන්න තීන්දු කළා. එතකොට මීටරයේ දුර තියාගන්න පුළුවන්’’ යැයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් කීවේය.
මේ අතර මැතිවරණ කොමිසමේ පැවැති එම පක්ෂ නායක රැස්වීම දැඩි උණුසුම් තත්ත්වයක් ගත්තේය. ඡන්දයට දින නියම කිරීම පිළිබඳව අනුර කුමාර දිසානායක, රාවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් මෙන්ම රවි කරුණානායකත් දැඩි විවේචනයක් එල්ල කළේය. ඔවුහු නීති තර්ක ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිසමේ දින නියම කිරීම විවේචනය කළෝය. එහෙත් අසන ලද ප්‍රශ්න සියල්ලටම කොමිසමේ සභාපති හෝ සාමාජිකයන් හෝ පිළිතුරු බඳින්නට ගියේ නැත.
‘‘තවම කොරෝනා වසංගතය මැඩපවත්වා නැහැ. සෞඛ්‍ය අංශ ඒ බව ප්‍රකාශ කරනවා. එහෙම තත්ත්වයක් තුළ කොහොමද ඡන්දයක් තියන්නේ. ආණ්ඩුව බඩු මලු බෙදනවා. රුපියල් 5000 ඒවා බෙදනවා. ආණ්ඩුවට අලුත් කැම්පේන් එකක් අවශ්‍ය නැහැ. ඒත් විපක්ෂයට එවැනි අවස්ථාවක් නැහැ’’ ආදී වශයෙන් කියමින් විපක්ෂයේ පක්ෂ නායකයෝ කරුණු කියන්නට වූහ. ඒවා සියල්ලටම පිළිතුරු දෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කරුණු කීවේය.
‘‘අපට අවශ්‍ය මුලින්ම කොරෝනා මැඩපවත්වන්න. ඊළඟට රටේ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වන්න. ඇතැම් කරුණු අපි පිළිගන්නවා. අපි දින නියම කළේ ව්‍යවස්ථානුකූලවයි. ඡන්ද සටන සම බිමේ තියන්න අවශ්‍යයි. අපි ගත්ත ක්‍රියාමාර්ගවලට එකඟ නැත්නම් කාටහරි වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.
අනෙක් අතට අපි තවත් සති දෙකකින් රැස්වෙනවා. පක්ෂ නායක රැස්වීමක් ජූනි මස 02 වැනිදා පැවැත්වෙනවා. එදිනම කොමිසමත් රැස්වෙනවා. ඒ අනුව රටේ පවතින තත්ත්වය අපට සමාලෝචනය කරන්න පුළුවන්. ඒ වන විටත් කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙනවා නම් අපට ආයෙමත් මැතිවරණ දිනය කල් දාන්න ප්‍රතිපාදන තියෙනවා’’ යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවේය.
‘‘මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් අපි අහපු ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දුන්නේ නැත. සෞඛ්‍ය ඇමැතිවරිය කල්තියාම කිව්වා අප්‍රේල් මස 19 වැනි දිනෙන් පස්සේ තත්ත්වය හොඳයි කියලා. ඊට පස්සේ 20 වැනිදා කොමිසම ඡන්දෙට දින නියම කරනවා. ඡන්ද විමසීම ජූනි මස 20 වැනි දින එදින ජනාධිපතිතුමාගේ උපන් දිනය. මේ සියලු දේවල් අහඹු ලෙස වෙච්ච දේවල් ද කියලා අපට සැකයි. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ලිපි මගින් මැතිවරණ කොමිසමට වක්‍ර ලෙස බලපෑම් කළා’’ යැයි අදහස් දක්වමින් රවුෆ් හකීම් කියන්නේය.
මේ අතර හිටපු කතානායක කරු ජයසූරිය ද නිවේදනයක් නිකුත් කර තිබිණ.
‘‘පාර්ලිමේන්තුවක් නැතිව කොරෝනා වසංගතයට මුහුණ දෙන ලෝකේ එකම ප්‍රජාතන්ත්‍රවාදී රට ශ්‍රී ලංකාවයි’’ යැයි කරු ජයසූරිය එහි සඳහන් කර තිබිණ. පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බවත්, හිටපු කතානායකවරයා වක්‍රව කීවේය. මේ අතර එක්සත් ජාතික පක්ෂය සහ තවත් දේශපාලන පක්ෂ කීපයක්මත් පාර්ලිමේන්තුව කැඳවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුව යළි කැඳවීමේ ඉල්ලීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය.
කොරෝනා වසංගතය නිසා ජනතාව ආරක්ෂා වන ආකාරයට ඡන්ද තියන්න අවශ්‍යයි. එහෙම ඡන්දය තියනවා නම් කොටස් කීපයකට තියන්න පුළුවන්. නැත්නම් දින කීපයක් තිස්සේම ඡන්දය තියලා එක දවසක ප්‍රතිඵල නිකුත් කරන්නත් පුළුවන්. කොහොම වුණත් ඒ සඳහා දැනට පවතින නීති ප්‍රතිපාදන ප්‍රමාණවත් නැත්නම් නව නීති කඩිනමින් සම්මත කර ගන්න පුළුවන්. ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවිය යුතු යැයි තවත් දේශපාලනඥයෝ පිරිසක් මත පළ කරති.
මේ අතර දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයට එහි සාමාජික මහාචාර්ය රත්නජීවන් හුල් බාධාවක් බවය. ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සුගත් හේවාපතිරණ නිවේදනයක් නිකුත් කර තිබුණේය.
‘‘මහාචාර්ය හුල් සාමූහික වගකීම කඩ කරමින් කටයුතු කරනවා. ඔහු පෞද්ගලික මතය ඉදිරිපත් කරනවා. ඒක කොමිසමේ මතයට පරස්පරයි. යම් පුද්ගලයකුට වෙනත් මතයක් දරන්න පුළුවන්. හැබැයි මැතිවරණ කොමිසම වගේ ස්වාධීන ආයතනයක සාමාජිකයින්ට අවශ්‍ය පරිදි කටයුතු කරන්න බැහැ. ඔහුට පෞද්ගලික දේශපාලන මතය කොමිසමේ කටයුතුත් සමග පටලවන්න බැහැ’’ යැයි දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා පවසන්නේය.
කෙසේ වෙතත් තවත් අදහසකින් ප්‍රකාශ වන්නේ මැතිවරණ කොමිසම නැවත මතාවක් ඡන්දය කල් දැමීමට පියවර ගනු ඇති බවය.
මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් හා සභාපති මහින්ද දේශප්‍රිය අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබිණ.
මහා මැතිවරණය ජූනි මස 20 වැනි දින පැවැත්වීමට දින නියම කළේ ඇයි දැයි සභාපතිවරයා කරුණු කීවේය. ‘‘මැයි මාසෙ හතර වැනිදා අපි ගැසට් එක ගහලා මනාප අංක දුන්නොත් අඩුම තරමේ දින 49 අපට අවශ්‍යයි. එතකොට අපට ජූනි මාසෙ 17 ඡන්දය තියන්න පුළුවන්. එදා සති මැද දවසක්. අපට 20 සෙනසුරාදා තියන්න පුළුවන්. එතකොට පාසල් වහන්න වෙන්නේ සිකුරාදා එක දවසයි. ඒ නිසා කොමිසම තීරණය කළා 20 ඡන්දය තියන්න’’ යැයි මහින්ද දේශප්‍රිය කරුණු පැහැදිලි කළ පසුව සජිත් ප්‍රේමදාස නැවතත් ප්‍රශ්නයක් මතු කළේය.
‘‘ඇයි මේ ජූනි මාසෙ එය තියාගත්තේ. මොකක්ද හේතුව’’ යැයි ඔහු ඇසුවේය. එවිට මහින්ද දේශප්‍රිය තරමක් ආවේගාත්මකව පිළිතුරු දුන්නේය. ‘‘මම දිනය යොදාගත් හැටි පැහැදිලි කළා. ඔබතුමා අහගෙන හිටියද මන්දන්නේ නැහැ. මට ආයෙත් පැහැදිලි කරන්න බැහැ’’ යැයි දේශප්‍රිය ප්‍රකාශ කළේය. එවිට සජිත් ප්‍රේමදාස ද ඊට එකට එක කියන්නට වූයෙන් දෙදෙනා අතර තරමක බහින් බස් වීමක් ඇති වූයේය.
අතුරලියේ රතන හිමියන්ද මහින්ද දේශප්‍රියට දොස් කියන්නට වූයේය. ‘‘මේ කොරෝනා අස්සෙ ඡන්ද තිබ්බොත් ජනතාවගේ ජීවිතවලට ඔබතුමාටත් කොමිසමටත් වගකියන්න වෙනවා’’ රතන හිමියෝ පැවසූහ. ‘‘ඔබ වහන්සේට ඕනේ අර මොකක්ද බලමණ්ඩලයක් ගැන කියන්න නේද? අපි ස්වාමීන් වහන්සේලාට ගරු කරනවා. ඒ නිසා ඔබවහන්සේට මම උත්තරයක් දෙන්නේ නැහැ’’ යැයි සභාපතිවරයා දෝෂාරෝපණ ස්වරයෙන් ප්‍රකාශ කළේය.
දේශපාලන පක්ෂ නායකයන් හා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර පැවැති සාකච්ඡාව එලෙස නිමා වූ අතර, කොමිසමේ සාමාජික රත්නජීවන් හුල් ඊට සහභාගි නොවීම විශේෂත්වයකි. මහාචාර්ය හුල් සඳුදා පැවැති කොමිෂන් සභා රැස්වීමට සහභාගි වී ඡන්ද දිනය ප්‍රකාශ කරන ගැසට් පත්‍රයට අත්සන් තබා තිබිණ. ඔහු එදින පස්වරුවේම යාපනයේ පිහිටි සිය නිවස බලා පිටත්ව ගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැස්වීමට සහභාගී නොවිය යුතු සාමාජිකයා ඉවත් කළ යුතුය.
සල්ලි දීලා බඩු මලු දීලා ඡන්ද ගන්න පුලුවන්, රුපියල් කීපයකට බඩු මල්ලකට ඡන්දය මම අහවල් පක්ෂයට ඡන්දය දෙනවා වැනි අදහස් තියෙන්නේ ලංකාවේ බොහොම ටික දෙනෙකුට විතරයි කියලා හිතෙනවා. හැම ගෙදරකම වාගේ ඉන්න තරුණ අයත්, උසස් පන්තිවල ඉන්න ලමයිනුත් ලෝකය ගැන බොහොම දැනුවත්. චීන කාන්තාවට පස්සේ ලංකාවේ පලමු කොරෝනා රෝගියා හමුවුනේ මාර්තු 10. පාර්ලිමේතුව විසිරෙව්වේ මාර්තු 2. ඒ නිසා ඡන්දයයි, පාර්ලිමේන්තුවයි, කොරෝනාවයි එකට ආපු එකනම් හිතාගන්න බැරි බොහොම අමුතු සිදුවීමක්.
සජිත් ප්‍රේමදාස කිසිදිනෙක කා සමගවත් එකට එක කියන්නට නොයන බව අපට විස්වාසයක් ඇත.
GMOA එක මුල ඉඳලම දැඩි තීරණ වල හිටියා, ගුවන් තොටුපොල වහන එකේ සිට, විදේශ පුවත් දකින හැම වෙලාවෙකම අපිත් හිතුවේ ඒක එකට එකතුවෙලා යායුතු බරපතල ගමනක් තියෙද්දී හැමෝම දේශපාලන සෙල්ලම නවත්වන්න බැරිද දැන්වත්. මිනි ගොඩ ගැහෙනකල් ද දැන් කට්ටිය බලාගෙන ඉන්නේ.
කොරෝනත් අරන් ගියා නම් ඉවරයි...
මහැදුරු හුල් කොච්චර උගතෙක් වුනත් සාමුහික භාවය කියන තේරුම දන්නේ නැහැ. එහෙම නැතිනම් ඔහු සමාජය ගොනාට අන්දවමින් තුන්වන පාර්ශ්වයක අවශ්‍යතාවක් ඉටු කරනවා. හරිම කණගාටුදායක තත්වයක්. මේවගේ ආයතනයකින් කමකට නැති ප්‍රාදේශීය සභාවක තත්වය කව්රුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
අපිට ඡන්දයක් ඕනද? මේ යන විදිහ ජනතාවට හොඳයි සහ ලාබයි නේද ?
කිසිම උගත් කමක් නැතිව ඉංග්‍රීසි බෙහෙත් නිර්දේශ කරන දේශපාලකයන්ට මොන තේරුමක් තියෙනවාද? මැතිවරණ පැවැත්වීමේ අපහසුව හෝ පහසුව ගැන.
මැතිවරණ තියන්න කැම්පේන් අවශ්‍ය නැහැ. ඡන්දෙ ඉල්ලන්නේ අහසින් වැටුන මිනිස්සු නොවෙයි. මේ අය ඉල්ලන්නත් කලින් මිනිස්සු තීරණය කරලා ඉවරයි ඡන්දෙ දෙන්නේ කාටද? කියලා. කැම්පේන් කරනවා කියන්නේ මිනිස්සුන්ට කෑම පැකට්/රු.1000 වගේ අල්ලස් දෙන එක. ඒවා වහාම නැවැත්විය යුතුයි. හොදම ක්‍රමේ තමා මැතිවරණ ප්‍රකාශන පත්‍රිකා වලින් මිනිසුන් දැනුවත් කිරීම. ඒකත් තැපෑලෙන් පමණයි. එතකොට රටේ නාස්තිකරන සල්ලි කෝටි ගණන් ඉතිරි වෙනවා. කොමසාරිස්තුමණි, ගණන් ගන්න එපා සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි වැඩේ කරන්න. ඔය ශ්‍රී මුඛවලින් පිටවෙන වචන ගැන මහජනයාට අවබෝධයක් තියෙනවා. එයාල ආණ්ඩුව කරත් ඔය ටිකම තමා.
මහාචාර්ය හුල් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අදහස් සමහර අය තේරුම් ගන්නේ නැහැ. තේරුම් ගන්නට ඔවුන්ට උවමනාවක් නැහැ. තමන්ගේ මතය පමණක් හරි කියලා හිතාගෙන ඉන්න හින්ද....
ඔන්න බලන්න ආණ්ඩුව දැන්ම ජන්දේ තියන්නේ නැහැ.. ආණ්ඩුවටත් ඕනේ මේක අදින්න. හැබැයි පරණ එක නම් ගේන්නේ නැති වෙයි... මොකද රටේ මිනිස්සුන්ට එකෙන් ඇති වැඩක් නැහැ. අනෙක තවත් වියදමක්... එක නිසා පහුවෙලා ජන්දේ තියයි. කොහොමත් ජන්දේ තියන්න එපැයි . සැප්තැම්බර් කොහොමත් පාර්ලිමේන්තුවේ කාලේ ඉවරයි.
මහාචාර්ය වුණත් ලොක්කට විරුද්ද අදහසක් කිව්වොත් බයියන්ට කේන්ති යනවා. අර බලන්නකෝ මහාචාර්ය පීරිස් ලස්සනට ඉන්නේ...
මෙවැනි දේශපාලකයන් රටේ නායකත්වයට පත්වුනොත් මේ රටනම් ඉවරයි. චන්දවලට ඔය අපේක්ශකයෝ බොරුවට ප්‍රකෝටි ගනන් වියදම් කරනවා. ප්‍රචාරනයේදී වන පරිසර හානිය කොතරම්ද? පෝස්ටෙර් බැනර් ඉවත් කිරීමට රජයට යන වියදම කෝටි කීයක්ද? මෙය අවස්තාවක් සේ සලකා අන්තර්ජාල ප‍්‍රචාරණය, ඩිජිටල් ප්‍රචාරනය පමනක් වලංගු කරනව නම් හැම පැත්තෙන්ම හොදයි. ඇත්තටම ලෝකෙ යන පැත්තට විරුද්ධ පැත්තට යන මෙවැනි මෝඩ විපක්ශයක් සිටීම රටකට අනතුරුදායකය. ශක්තිමත්, බුද්ධිමත් විපක්ශයක් නොමැතිකමින් ආන්ඩුවේ ආයු කාලය වසර 20ක් 30ක්ද විය හැකිය.
කැම්පේන් නැති චන්දයක් තියන්න. ටීවී, රෙඩියෝ වලින් පමනක්...
මේ වෙලාවෙ ඡන්දෙ තියන එක සුදුසු නෑ. ඒක භයානකයි. හැබැයි එහෙමයි කියලා පරණ පාර්ලිමේන්තුව ආයෙ රැස් කරන්නා හදනව නම් ඒක කොරෝනා වසංගතයටත් වඩා අති විශාල වසංගතයක්.. මේ රටේ සාමාන්‍ය ජනතාව අති බහුතරයක් කැමති නෑ ආයෙත් ඒ පරගැති පාර්ලිමේන්තුව රැස් වෙනවට.. ඕකුන් රැස් වුනොහ් දෙකක් නෑ මේ කොරෝනා මර්ධන ව්‍යාපාරය කඩාකප්පපල් කරන්න මොනා හරි කරනවා..
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මහාචාර්ය කෙනෙක් කියනදේ තේරුම් යන්නේ තවත් මහාචාර්යවරයකුට පමණක් බැවින් උගතා කියන දෙය නොතේරෙන්නේ බුද්ධිමතාටය. ඒ මෙන්ම බුද්ධිමතා කියන දෙය උගතාට නොතේරේ. කෙසේ වෙතත් පොලවේ නිසි ලෙස පය තබා ගෙන සිටින 8 මෙන්ම 5 දන්නා සාමාන්‍ය මිනිසුන්ට හරකා හැරෙනවිට පොල් පැලයටද කෙසෙල් පදුරටද? එසේත් නැත්නම් බටදැල්ලට යන්න දැනගනුමට "රොකට් සයන්ස් "දැනුම අවශ්‍යද? නැද්ද? යන්න සොයා බැලීම වඩාත් වැදගත් නොවේද?
මේ රට හදන්න අවංක ඕනෑකමක් සහ ශක්තියක් ඇති එකම නායකයා වන්නේ ඝෝඨාභය රාජපක්ෂ මහතා පමණයි. අවාසනාව වන්නේ රටට ශාපයක් බවට පත්වූ යල් පැනගිය ප්‍රජාතන්ත්‍රවාදයයි. සෑම අතින්ම දියුණු රටකට එය යෝග්‍ය විය හැක. එහෙත් දුෂිත දේශපාලකයිනට පාරාදිසයක් වූ ශ්‍රී ලංකාවට එය කිසිසේත්ම ගැලපෙන්නේ නැත. මේ රට ගොඩගත හැක්කේ දැඩි විනයක් රට තුල ගොඩනැගීම තුල පමණි. එය යථාර්තයක් බවට පත් කල හැක්කේ අවංක සහ එඩිතර නායකත්වයකින් හෙබි ජනාධිපතිතුමාටත් ත්‍රිවිධ හමුදාවටත් පමණි. තව අවුරුදු 50 කට වත් මෙරටට ගඳගහන පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැත. කොරෝනාවට පමණක් නොව රටේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුර ඇත්තේ එතනය.
පෙති ගැන දොස්තර විභාගය සමත්වූවා පමණි මම.. එනිසා කොරෝනා ගැන කිව්වේ බොක්කෙන්නේ.. ශේෂ්ඨ පුරවැසියකු බව අමතක වුණේ මැකෝ ගැන.. එබැවින් වයස නොබලා දුන්නේ පෙති ගිලින්නට...
මැකෝ දැන් රාජපක්ෂලාට කඩේ යන හැඩයි...
රාජපක්ෂලා මැකෝ ව සල්ලි වලට අරන් වගේ අබරන් ගොයියෝ...
මේ වෙලාවේ චන්දය තමා වැදගත්ම... ගෝඨාභය උතුමාණන්ට තමන්ගේ කට්ටිය ගේ සහය නැතිව වසංගතය වළකන්නට බැහැ . බැසිල් උතුමාණන්ට විතරක් මේ ඔක්කොම මුදල් කළමනාකරණය කරන්න අමරුය්.
ඉතිං ඔහෙත් බෙදනවා බඩුමලු... එතකොට ඉවරයිනේ කතන්දරය...
හූල් වගේ අය මේවගේ ජාතික වැදගත්කමක් ඇති ආයතනයකට පත්කිරීමේදී දෙවරක් නොව තෙවරක් සොයා බැලිය යුතුයි.