(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සංවිධානාත්මක අපරාධ කල්ලි මේ වසරේදී වෙඩි තැබීම හැට දෙකක් කර ඇති ඇති බවත් ඒ වෙඩි තැබීම්වලින් 32 ක් මිය ගිහින් 37 ක් තුවාල ලබා ඇති බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
අගමැතිවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනයට කටයුතු කළ පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම සහ ඔවුන්ට තර්ජනය කිරීමේ සිද්ධින් මේ වසරේදී හතක් වාර්තාවී ඇති බවද අගමැතිවරයා කීය.
ඉන් අනතුරුව අගමැතිවරයාගේ දැනුම් දීම අනුව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මජන් ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙසේ පැවසීය.
පාතාලය මර්දනය කිරීමට අපි විශාල ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. සමහර ක්‍රියාමාර්ග මෙතන කියන්න බැහැ. දකුණු පළාතේ විශාල පියවර ගත්ත. අපරාධ සිද්ධීන් වලට සම්බන්ධ කරුවන් අට දෙනකු අත්අඩංගුවට අරගෙන තියෙනවා. දෙදෙනෙකු පොලීසිය සමග ගැටුම් වලට ගොස් මිය ගොස් තිබෙනවා. හැට හත් දෙනෙකු අත්අඩංගුවට අරන් හිරභාරයේ ඉන්නවා.
අපරාධකරුවන් පිරිසක් බන්ධනාගාරය ඇතුළෙ ඉඳලම කුඩු ජාවාරම් කරනවා. ඝාතන වලට අනුබල දෙනවා. විදේශ රටවල් වල අපරාධකරුවන් 30 ක් විතරයි ඉන්නවා. ඒ අයත් ඒ දේවල් කරනවා. ඒ පිරිස ගෙන්වගන්න කටයුතු කරගෙන යනවා. විදේශ රටවල් සමඟ සාකච්ඡා කරනවා. අපරාධකරුවන් වෙනම ස්ථානයක රැඳවීමට සාකච්ඡා කරගෙන යනවා.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මේ වසරේදී වෙඩි තැබීම් 62ක් - 32ක් මරුට
Prabha Wednesday, 08 November 2023 03:03 PM
ප්‍රතිශතයක් හැටියට ප්‍රතිඵල සියයට 50ට අඩුයි. ඒ හින්දා සතුටු වෙමු...
fairoos Wednesday, 08 November 2023 06:32 PM
මෙහෙම මෙලෝ රහක් නැති කෙනෙක් දැක්කමයි...