
(අංජුල මහික වීරරත්න)
උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට හැකි වී තිබීම ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
2023 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 11.2%ක්ව පවතින බවත් එය 2026 වසරේ දී 15%ක් දක්වා වර්ධනය කිරීම අපේක්ෂාව බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
2022 වසරේ උද්ධමනය 70%ක මට්ටමේ පැවතුන අතර එය 2024 වසරේ 5% මට්ටමේ පවත්වාගෙන යාමට අපේක්ෂිත බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
2024 වසර සඳහා අස්වැසුම අයදුම්පත් කැඳවිම ජනවාරි මස අග හෝ පෙබරවාරි මස මුල ආරම්භ කරන බව කී සේමසිංහ මහතා ලක්ෂ 20කට ප්‍රතිලාභ දීම ඉලක්කය වන අතර 2023 වසරේ පැවැති යම් යම් අඩුපාඩු මගහරවා ගනිමින් ප්‍රතිලාභ හිමි විය යුතු ම කණ්ඩායම සොයා ඔවුන්ට ප්‍රතිලාභ ලබා දීමට රජය කටයුතු කරන බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උබලා උද්ධමනය 5% ක් නොවෙයි එකක් කෙරුවත් වැඩක් නැහැ මිනිස්සුන්ට තුන්වේල කාලා ජීවවෙන්න බැරි නම්, බොරු කයිවාරු ගහන හොර රැල පන්නලා දානවා ඇරෙන්න වෙන විසදුමක් රටට නැහැ.
වැට් වැඩිකර උද්දමනය පාලනය කරන එකම රට...!
මේ එක බක පණ්ඩිතයෙක්... මුන් මේ කතා කරන්නෙ ඇමරිකාවට වෙන්නැති...
මාධ්‍යයට විහිළු සපයන්නේ නැතුව ඉන්නවද මහත්තයෝ. පහුගිය වසර ගණනාවක ඉදන් දේශපාලකයන් ගේ විහිළු කතා අහලා දැන් අපිට විහිළු එපා වෙලා තියෙන්නේ.
ෂෙහාන් කියන දේවල විශ්වාස කරන්නේ ගොන් හරක් .මොකද මේ යකාම තමයි කිව්වේ රනිල් බැංකු හොරා කියලා .දැන් කොහොමද රනිල් ගේ බලු කුක්කෙක් වෙලා ඉන්නේ
මූත් වැඩි දවසක් යන්න කලින් කාගෙන් හරි කනව හොඳ කෑමක්.
බඩුමිල නහුතෙට නගිද්දි උද්ධමනය අඩුවෙන් තියාගන්නෙ කොහොමද කියන ආඒථික න්‍යාය පැහැදිලිකර දෙන්න.රැවුලයි කැදයි දෙකෙන් එකක් මිසක් දෙකම බැරිබව නොදන්න ආණඩුවේ ආර්ථික ඔස්තාර්ලා ගේ ප්‍රකාශ පිලිගන්න අමාරුයි.
ඔය උද්දමනය ගනන් හදන විදිය පොඩ්ඩක් කිව්ව නම් හොඩයි මහත්තයො. ගොන් කතා කියන්න එපා...ළොකු නුවනක් ඔනෙ නැහැ රටෙ උද්දමනය ගැන තෙරුම් ගන්න...
මූට ආර්ථික විද්‍යාව ඉගැන්නුවේ බන්දුලයද කොහෙද ? රටේ ගව සම්පත .....