
(අංජුල මහික වීරරත්න)
යා යුතු වෙනත් පාරක් තිබෙනවා නම් කියන්නැයි විරුද්ධ මතවාද තිබෙන අයගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එම පාර හොඳ හොඳනම් එයින් ජනතාවට යහපතක් වේ නම් ආණ්ඩුවට ඒ පාරේ ගමන් කරන්නට හැකියාව පවතින බවද කාරියවසම් මහතා කීය.
රට නැමැති වාහනේ එලවන්න වෙන හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවදැයි ප්‍රශ්න කළ කාරියවසම් මහතා වත්මන් රියැදුරා අනෙකුත් විරුද්ධවාදින් ද එකතු කරගෙන වලවල් වලින් බේරාගෙන ඉතා වේගයෙන් හරි අතට ධාවනයෙන් කරමින් සිටින බව සඳහන් කළේය.
මීට වඩා හොඳ රියැදුරන් ඉන්නවා නම් එළවන ක්‍රමය කිව යුතු බව කී කාරියවසම් මහතා පළ පුරුදු නැති රියැදුරන් පැමිණි විට වන්නේ වාහනයත්,පාරත්,රියදුරාත් නැත්තටම නැතිවීම බව සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක එළවිල්ලක් නෙමේ මරාගෙන කෑමක්. මේ එලවිල්ල හොදයි වටේ ඉන්න කටු කන එවුනට
රියදුරා පළපුරුදු වුනාට වැඩක් නැහැ. හොදට වලවල් බේරලා ගියත් වැඩක් නැහැ, පදවන වාහනේ කෑලි ගලෝල විකුනනවා නම්. අවසානේ ඒ රනිල් කියන රියදුරු කෑලි ගලෝල විකුණලා වෙන කෙනෙක්ට පැදපන් කීවට ඒක දුවාගන්න බැරි වහනයක් වුනොත් වෙන කෙනෙක්ට දුවන්නත් බැහැ. ඒකනිසා කරුණාකරල පුළුවන් කෙනෙක් ඔය වාහනේ දුවාගනී ඕක කෑලි කරල විකුනන්නේ නැතුව බැහැල ගියොත් හොදයි දැන්වත්
ඒහේය නර පණුව... රියදුරෝනම් කොතෙකුත් ඇත... එනමුත්, අපි මීළඟ මැතිවරණයේදී සුදුස්සක් කරන්නෙමු !!! තොප සහ අපතයන් සියල්ල ජනතාවගෙන් සොරකම් කල පොදු දේපල සහ ධනය වහා භාරදීමට සැරසී සිටව !!! සුදුසු දඬුවම් ඒ ඒ අවස්ථානුකුලව ජනතාව විසින් නියම කරනු ඇත !!!
අකිල සාගලට දෙවැනියි...!
රනිල් නම් වාහනේ එළවාගෙන යනවා. නමුත් මගදිගේ මිනිස්සු යට කරගෙන යන්නේ... රනිල්ගේ ගමන යයි අන්තිමට යටකරගෙන ආපු මිනිස්සු නිසා හිරේ ගිහිල්ලයි නතර වෙන්නේ වාහනේ...!
නන්දසේනට වඩා හොඳයි...!
නැතුව නැතුව ...අකිල අපිට... අපි අකිලට... ඊලඟ ජනාධිපති අකිල විරාජ්...
ආයෙ වෙන රියදුරෙකුට පදින්න පුලුවන් තත්වයක නෑ. මේ පිස්සා දැනටමත් වාහනේ හප්පලා චප්ප කරලා ඉවරයි. චප්ප කරලා විතරක් නෙවෙයි කෑලිත් ගලවලා විකුණලා. වාහනේ පල්ලමට නිසා තවම යනවා. භාර ගන්න රියදුරාට පට්ට ගේමක් දෙන්න වෙනවා අලුත්වැඩියා කරලා ගන්න.
මෙයා රියදුරෙක් වෙලා තියෙන්නේ ඩ්‍රයිවින් ටෙස්ට් එක හරියට පාස් කරලා නොවෙයි, ඉන්ස්පෙක්ටර්ට පගාව දිලයි. දැනටමත් මිනිස්සු බර ගානක් යටකරගෙන ගිහිල්ලා තියෙන්නේ මේකා, එ මදිවට වාහනේ හප්පලා චප්ප කරලා කන්ඩෙම් වෙලා තියෙන්නේ. ඒ විතරක් නම් කමක් නැහැ දැන් මූ හදන්නේ වාහනේ කෑලි ටික ගලවලා විකුණන්නයි, දැන් මූට රස්සාවෙන් අස්වෙලා ගෙදර යන්න කිව්ව එහෙම යන්න සූදානමකුත් නැති නිසා අයිතිකාරයන්ට සිදුවෙලා තියෙනවා මූව ගහලා හරි පන්නන්න.
දැන් අපිට අවශ්‍ය මල්ටි බැරල් රථ රියැදුරු මහත්තයෙක්. එහෙම කෙනෙකුට අපි ලැයිසන් දීලා වැඩේ ඉවර කරවනවා. එදාට ඔය ටෝක්ස් නවතීවි...
චූන් පාන් කාරයෝ, ඒ මිනිහා දන්නවා මොකක්ද බඩගින්න කියලා...
ඔයිට වඩා හොඳ රයිඩර්ලා ඔහේලාට කොහෙන්ද ඉතින්..?
ජනතාවට හම්බ කරන් කාලා, රටට බරක් නොවී ජීවත් වෙන්න තියන අයිතිය නැති කළ ඔය කාලකන්නි හැම කෙනෙක්ට විඳවලා තමයි මැරෙන්න වෙන්නේ...!
රියදුරා ඩීසල් ඇදලා විකුණනවා - ටිකට් වල සල්ලි මාටියා ගහනවා. අපේ බස් එක අපි පැද ගන්නම් රියදුරාට ගෙදර යන්න කියන්න...
අද කාලේ වාහන දුවන්නේ සුක්කානම කරකවලා නෙමෙයි .ඒවා ඔටෝ වැඩ කරනවා .රියදුරා පඹයා වගේ සීට් එකේ ඉඳගෙන ඉන්නවා.පිටින් බලන උන්ට රියදුරා වැඩ්ඩෙක් වගේ පේනවා.එහෙම පෙනෙන්නේ නැතුවම ගෝලයෝ දම්මලා වැඩ්ඩෙක් කරවාගන්න හදනවා .රට ගොඩ ගන්නේ රටේ මිනිස්සු දහඩිය මහන්සියෙන් හම්බ කරලා
ඒ එළවිල්ල දන්නේ, ඔයයි සාගලයිනේ...!
තඹුත්තේගම පැත්තේ ඩයිවරයෙක් කියනවා... එයා වෙට්ටු දන්නවා IMF එකට වෙට්ටු දාලා බස් එක එලවන්නම් කියලා. මේ දවස්වල මෑන් කතාබස් එක එළවනවා. බස්තියන් පයින් යන්න බලාගෙන දෙමු...
මේ රියදුරා. බීපු මිනිහෙක් වගෙ. වැනෙනවා. කොන්ද පන නැහැ කෙලින්හිට ගන්න බැහැ ඒකයි ප්‍රශ්නෙ. අයියේ. ඔයාලාට කුට්ටිය එන නිසා. බීපු මිනිහත් එක්ක ගනු දෙනු කරන්නත් ලේසියි නෙ ඒකයි ඔයාලට වැරෑද්ද පේන්නෙ නැත්තෙ. කෝටි. දෙකක්කවත් නැති ජනතාවක් ඉන්න රටෙ. බිත්තරෙ පවා පිටරටින් ගේන්නෙ. ප්දමට බීපු ඩ්‍ර්රයිවල්ලට. ඈත පේන්නෙ නැහැ. බීපු මිනිහෙක්ටත් අන්තයි. රට කරන විදිය. ලයිසන් එක කැන්සල් කරලා. එයාව ගෙදර අරින්න.
මේකා එලවන්නේ පාරේ ඉන්න මිනිස්සුන්ව යටකරගෙන. අපි දන්නවා දැන් ඉන්න ඩ්‍රයිවර්ව එලවන හැටි. ඡන්දයක් තියන්න කියන්න.
රට සම්පුර්නයෙන්ම වනසන්න මෙයාට වඩා හොද රියදුරෙක් නැහැ. ජනතා හද ගැස්ම වටහා නොගත් කාලකන්නි දෙන්නෙක් මෙ.
ඔව් ඔව් මේවගෙ රියැදුරෝ පදුරකට ගැහුවත් ඕනැ තරම් හොයාගන්න පුළුවන්. පිනට නායකත්වය අරගෙන රට විනාශයකරා ඇදගෙන යමින් සිටිනවා. කමක්නැහැ ඡන්දයකින් බලය ගත්තොත් ඒක ජනතා කැමැත්තනේ කියල කටවහගෙන ඉන්න පුළුවන්.ජනතාවට බදුපිට බදු පටවමින් ආණ්ඩුගෙන යන්න ඕනැ මෝඩයෙකුට පුළුවන්. ඒ නිසා ඡන්දයක් පවත්වා සුදුසු රියදුරෙක් තෝරාගැනීමට ඉඩදෙන්න.
ඒ කියන්නේ එයා ඩ්‍රැයිවර්. ඔයා හෝල්ට් එක.