
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ සමීප හවුල්කරුවකු බවත් ශ්‍රී ලංකාව ගෙවමින් සිටින මෙම දුෂ්කර කාලයේ ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ සිටින බවත් ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.
ඉන්දු - පැසිෆික් කලාපයට පොදු දැක්මක් : දකුණු ආසියාවට ඇති බලපෑම නම් ග්‍රන්ථය එළිදැක්වීම සහ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පාලනයේ ඉන්දු - පැසිෆික් උපාය මාර්ගික සැලැස්මට වසරක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී අදහස් දක්වමින් ජුලී චන්ග් මහත්මිය මේ බව පැවැසුවාය.
එම උත්සවය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ. එහිදී ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ තිබෙන්නේ ගැඹුරු සහ පුළුල් සබඳතාවයක් බව චන්ග් මහත්මිය පෙන්වා දුන්නාය.
මෙම අවස්ථාවට ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති මිලින්ද පීරිස්, ඩැනියෙල් කේ ඉනෝයේ ආසියා ශාන්තිකර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක රියර් අද්මිරාල් (විශ්‍රාමික) පීටර් ඒ ගුමතාඕතාඕ සහ ආචාර්ය හරින්ද විදානගේ මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර අපට උදව් කරන්න හොර පාරෙන් පින් ජනාධිපතිවෙලා,රටේ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය කරන රනිල් වික්‍රමසිංහව එලවන්නයි,රටේ ආර්ථිකය විනාශ කරපු මේ හොර කාලකන්නි දේශපාලු බලු ආණ්ඩුව එලවන්නයි.
ඒකනේ. යුක්‍රේනෙට ඩොලර් බිලියන 113යි ඉල්ලපු ගමන් සල්ලි දෙනවා... ලංකාවට 2.9ක් දෙන්න දහඅතේ සාකච්ඡා.. ලංකාවේ මෝඩයින් ඉක්මණට රවට්ටන්න පුළුවන් නිසා හොඳයි ඉතින්...
කපුටා සහ කේජු කෑල්ල මතක් වුණා...
බල්ලන් කුලප්පු කරලා. මෙයා හොඳ මූණ දාගෙන. එදා ඉදලා ඕක තමයි මේ ගොල්ලන්ගේ කෙරුවාව. මෙයාගේ රැකියාවත් ඒක තමයි...