
(සුජිත් හේවාජුලිගේ)
"මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ" යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
"දේශපාලනය කළා කියලා එක රුපියලක් අපේ සාක්කුවට වැටෙන්නේ නැහැ" යැයිද ඇය කීවාය.
කොට්ටහච්චි මහත්මිය මෙසේද පැවසුවාය.
මාලිමාවට වෙඩිතියන්න කලින් හොඳට කල්පනා කරන්න ඕනෙ. මාලිමාව කියලා කියන්නෙ අපට ඡන්දය නොදුන්, අපිව අවිශ්වාස කළ සහ අපට ගල්මුල් ගසන බොහෝ දෙනෙකුට ලේසියෙන් ඉලක්ක කරන්න පුළුවන් කණ්ඩායමක් නෙවෙයි. ඒක මේ වෙලාවෙ කියන්න ඕනෙ.
ඒ කණ්ඩායම තේරුවෙ ඔබ. ඒ නිසා ලේසියෙන් පස්සට හැරිලා යන්නෙ නැති කණ්ඩායමක් ඔබෙන් බලය ඉල්ලනවා නැවත වතාවක් ගම හදන්න බලයක් දෙන්න කියලා. මේ රට හදමු කියන පරම පැතුමෙන් ඔබ ළඟට එන ඒ කණ්ඩායමට බලය දුන්නාට පව් පිරෙන්නෙ නෑ”
බණ්ඩාරගම මෛත්‍රිශාලාවේ පැවැති මැතිවරණ රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරිය මෙසේ පැවැසීය.
COMMENTS
ඇත්ත වෙන්නැති. සියලුම මාලිමා මන්ත්‍රී පඩි සහ දීමනා පක්‍ෂ අරමුදලට අරන් අනුරයි ටිල්විනුයි සුර සැප විඳිනවා ඇති. ඔයගොල්ලෝ උද්ඝෝෂණය කරලා කීයක් හරි ඉල්ලාගන්න.
නිලන්ති නංගියේ (සහෝදරියේ) අපි ඔයාගේ පැත්තේ නමුත් වැදගත් යමක් කියන්න ඉස්සර දෙපාරක් නොවෙයි, තුන් හතර පාරක්ම හිතලා ඒක කටින් පිටකරන්න. ඔප්පු කරන්න බැරි කිසිම දෙයක් ආවාට ගියාට කියන්න එපා. ගල් අතේ තියාගන ඉන්න අය ඔයාගේ වටේ...
ඉහි ඉහි අනේ පව්, අපට තියෙන ආදරේට නේ අර තරම් පච හලලා රාජ්‍ය බලය ගත්තේ...!
ඇටි කෙහෙල් නම් කාටවත් හම්බුනා කියලා මමත් අහලා නෑ, හැබැයි පාර්ලිමේන්තු කැන්ටිමේ කෑම එකේ ඉඳලා පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස වාහන වරප්‍රසාද බොහෝමයක් දැන් කට්ටිය පොර කකා භුක්ති විඳිනවා කියලා නම් දැකපු අය ඉන්නවා. එතැන ඔයත් හිටියාලු ඉස්සරහින්ම. ඊට පස්සේ ජනතාවට අවධානයෙන් බොරු කියනවා, හැබැයි එයාලා ඒවාට රැවැටුණාට ඒකට කොට්ටහච්චි සහෝදරිය පලිනෑ තමයි...
හොරුන්ට, මැරයින්ට වැඳුම් පිදුම් කරන, වන්දිභට්ටකම් කරන අයට ඔය කතා දිරවන්නේ නෑ.
නංගියේ ඔයා ආවේ ඇටිකෙහෙල් කන්න බලාගෙන..., අනේ ගෙදර ගිහින් වැඩක් බලාගන්න.
ඇයි උගණ්ඩාවෙ සල්ලි? ගෙනැල්ලා බෙදාගමුකෝ. පච කියලා කියලා බලයට ඇවිත් දැන් ගලේ පහරපු බළලුන් වගේ. මාලිමා එන්කෙෆලයිටිස් රෝගීන්ට නම් මේවා ලොකු දේවල්. මොකද ඔවුන්ගේ මොළේ උණ...
මාලිමාවේ ඡන්ද කන මැසිම...
බොරු කීම මූලික මිනිස් අයිතිවාසිකමක් කිව්ව අයද? දැන් එනවා පව් පින් ගැන කියවන්න...
උගන්ඩාවට ගෙනගියා කියලා කෙනෙක් කියපු ඩොලර් ටික ගෙන්වා ගත්තොත් ඇටිකෙහෙල් මොකටැයි කුමාරිහාමි...!
ඇටිකෙහෙල් නැතිවට ප්‍රාඩෝ එකක් ලැබුණා නේද? මෙයාට වෙන්නෙත් අර ඇරඹේපොලට වුණා වගේම කිච වෙලා අන්තිමට පාරේ යනකොට මිනිස්සු හූ කියන තැනට වැටෙන්නයි. ටිකක් ලොකුවට කට තිබුණාට එක පරිස්සමෙන් පාවිච්චි නොකළ නිසා තමයි දැනටමත් කිච වෙලා ඉන්නේ.
උගන්ඩා සල්ලි ගෙනැල්ලා බෙදාගන්න.
වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ... රටට මෙච්චර වෙලත් තාමත් කඩේ යන්නේ රනිල් රාජපක්ෂලාටමයි.