
(අංජුල මහික වීරරත්න)
සෑම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා තමා ධවල පත්‍රිකාව ගෙන ආ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධ විම නිසා මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය අහිමි වු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තමන් තරුණ තරුණියන්ට අත්තටු ලබා දෙන විට ජනතා විමුක්ති පෙරමුණ එදා ද සිදු කළේ ඔවුන්ගේ කකුල්වලට දම්වැල් දැමීම බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මෙරට තරුණ තරුණියන්ට අධ්‍යාපනය යනු අත්තටු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අත්තටු තිබේනම් ඕනෑම තැනකට ඉගිලිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමා මෙරට පාසල් අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කළ බවත් සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මෙරට තරුණ ප්‍රජාව වෙනුවෙන් අද (08) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටලන්දේ ද ?
රනිල් කොල්ල කාලේ ජවිපය කොල්ලන්ට දීපු දඬුවම් කොහොමද? ගෝනවල සුනිල්ලත් එක්ක කරපු දේවල්, අන්තිමට ටයර් සෑයනේ... මතක නෑ...
අත්තටු දුන්නු කතාව ඇත්ත... තරුණයින් හිටියේ වවුලෝ වගේ කකුල් දෙකෙන් එල්ලිලා පියාඹන්න ඔන්න මෙන්න කියලා. අපිට මතකයි රනිල් මහත්තයෝ...
ඔබතුමාට ජය නියතයි. ඔබතුමන්ට පමණයි දිගුදුර බැලීමේ නුවණ ඇත්තේ... අනිත් සේරම කරන්නේ බලයට තියෙන කෑදරකමට බොරුවමයි.
ධවල පත්‍රිකාව ගෙනාවේ අධ්‍යාපනය පෞද්ගලී කරණය කරන්න. ඉතිහාසය දන්න මිනිස්සු තවම ඉන්නවා.
අම්මා ! ඔහෙට සලකන්න ඉන්නේ මිනිස්සු ඉක්මණට... පුරවැසිභාවය අයින් කරලා තමයි පටන් ගන්න ඕනෑ..
අද තරුණයෝ රට ඇරලා යනවා.... ඔන්න තටු දීපු එකයි විපාකේ .. තවත් මෝඩ කතාවක්
තටු ඕනි නෑ යකෝ... පාස්පෝට් එක දීපං...
සහතික ඇත්ත. ජාජබ නමින් බව්තීස්ම කර ඇති ජවිපෙ යනු ආචීර්ණකල්පික අදහස්වලින් පිරුණු පිළුණු වී ගිය දේශපාලන ව්‍යාපාරයකි. ඒ වටා ගොනු වී සිටින්නේ සමාජ වයිරය හිස මත තබා ගත් ඇරියස් කාරයන් පමණි. අධ්‍යාපනයට පමණක් නොව අන් සියලු ක්ෂේත්‍රවල ද ප්‍රගමනය නවතන තිරිංගය ජනතා විමුක්ති පෙරමුණ ය.
77 ඉඳලාම රටේ පාලනය කරේ ජවිපයද?
තරුණයින්ට දීපු අත්තටුවලින් ඉගිල්ලිලා ගාය අය කොහේද කියලා හොයාගන්නත් නෑ.
ජිම් පප්පා, කළින් දීපුවා හොඳටම ඇති. දැන් ගෙදර යන්න.
හොරු සේ එකකට නම් පියාඹන්න අත් තටු දුන්නා මතකයි.
අත්තටු දෙන එක ඔබතුමාට ඉතින් අලුත් දෙයක් ඇ. අර්ජුන මහේන්ද්‍රන්ට අත්තටු දුන්නු ගමන් රටිනුත් පැනලා ගියානේ...
ඔවුනෙ, එයා බ්‍රේස්ලට් දෙනකොටම ජේවීපී එක නිසා ඒ වැඩේ බැරිඋණා. වොක්ස්වැගන් හදද්දි ජෙප්පො පෙට්‍රල් හොරකම් කළා.ඉදිරියටත් මට බෑ.
ඒකෙ ඇත්ත ක් තියෙනවා. පුද්ගලික විශ්ව විද්‍යාල ඔක්කොම දැන් නැතිකරනවාද, රට ගිහින් ඉගෙන ගන්නත් වැට බඳීද?,
බටලන්දෙදි පියාපත් ලැබී කවදාවත් ආයෙ නාව කුරුල්ලො ගැන ඉතිහාසයත් පවසනු ඇත!
මොකෝ අපි දන්නෙ නැත්තෙ? අර බටලන්ද ෆැක්ටරියෙ දාගෙනනෙ අත්තටු හයිකරේ...!
අපොයි ඔව්. බටලන්දේදී පරාල ඇණවලින් ගහලා තමයි අත්තටු හයි කලේ.
තව කතන්දර කියවපන් සීයේ . තව දවස් 13යි. ඊට පස්සේ ජම්පර් එක අඳින්න ලැහැස්තිවෙන්න, සමහරවිට ඔයාව පිස්සන් කොටුවට අරගෙන යන්නත් පුළුවන්. දැන්වත් ඔයාට පිස්සන් කොටුවෙන් දුන්න බෙහෙත් පෙති බිලා සන්සුන් වෙන්න. 22දාට අලුත් රටක්, අලුත් පාලකයෙක් !!! # මාලිමාවට චන්ද කෝටියක් # අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති !!!
පහුගිය කාලේ පුරාවටම විශාල පිරිසක් රට හැර ගියේ කකුල් වලට විලන්ගු දාපු හින්දා වෙන්ඩ ඇති.ජීවත් වෙන්ඩ බැරි ,ඉන්ඩ හිටින්ඩ බැරි තරමට ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කාපු දූෂිත දේසපාලුවෝ ඉන්න රටක වෙන කරන්ඩ දෙයක් නැති කමට රට හැර ගිය අයත් ඕනතරම් ඉන්නවා.
මෙයා ප්‍රමෝට් කලේ සමනල්ලු
රනිල්ගේ නොහැකියාව.. අපි ඉපදෙන්නත් කලින් වෙච්ච දේවල් ගැන දැන් කතා කරනවා. මෝඩ නාකි යකෙක්
අනේ ඔව් රනියෝ ඔයා තටු දීලා අතුරුදහන් කරපුවා අපිට මතකයි
රනිල් සීයා කොල්ලා කාලේ හොඳ පින් අතේ වැඩ කළා කියලා අපිට අමතක නැහැ. බටලන්දේ වධකාගාරයක් හදාගෙන තරුණ කොල්ලන්ව " ධර්ම චක්කරේ " කියලා වධයක් දීලා මරාදාපු කාලේ සීයාට මතකද ? එතකොට අර විජේදාස ලියනාරච්චි පෙරකදෝරු මහත්මයාගේ ඇස් දෙක උගුල්ලන්න කියලා වධකයන්ට අනදීලා ..ඒ මිනිහා වේදනාවෙන් කෑගහද්දී සීයයි සජිත්ගේ තාත්තා මරුමොස් ප්‍රේමදාසයි කෝපි බිබී ඒ අහිංසකයාගේ ඇස් ගලවනවා හරිම සතුටින් බලාගෙන හිටියා කියලා සීයාට මතකද ? සීයේ ඔබ වැනි පොල්පොට් කෙනෙක්වත්, ඔබවැනි හිට්ලර් කෙනෙක්වත් ජනාධිපති ලෙස " චන්දයෙන් " පත්කරගන්න තරමට මේ රටේ ජනතාව මෝඩ නැහැ. ඒ වගේමයි ඔබ කරලා තියෙන අපරාධ වලට ඔබට හිමි දඬුවම් ස්වභාවධර්මයා විසින්ම දුන්බව ඉතිහාසයේ ලියවිලා තියේවි දවසක. # මාලිමාවට චන්ද කෝටියක් # අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති !!!
අත් තටු දුන්නෙ කඳුළු ගෑස් ගහලා. පුළුවන් නම් පියාඹලා පලයන් කියලා
නැවත මතක් කිරීමැකී . අනේ ඔයා ඒ කාලේ තරුණයින්ට දෙනවා කිව්වා බේස්ලට් එක දෙන්නකෝ . දැන් අවුරුදු 10 ක් විතර පහුවෙලානේ .දැන් දෙන්නකෝ . මේ පාර පරදුනහම ආයිත් චන්ද වලට ගන්න එකක් නැහැනේ . ඒ හින්දා මේ පාර දෙන්න හොඳේ .අනේ බේස්ලට් එක දෙන්නකෝ .....
ඔබතුමා මීට කළින් "තරුණ අපේ අනාගතය" කියලා මැතිවරණ පෝස්ටර් ගහලා තරුණයින් බරගානක් බටලන්දෙන් ස්වර්ගස්ථ කලේ ...!!!
මෙතැනට කොමෙන්ට් දාන්න එන සමහරු ජ. වී.පෙ ගැන දේශපාලනය ගැන මෙලෝ හසරක් දන්නා අය නෙමේ. ඔය සෙට් look එකම තමයි ගෝඨාභය ගේන්න කඩේ ගියේත්... ජනාධිපති වරා කියන කතාව අතිශයින්ම සත්‍යයක්. ඒ ඇයි කියලා දන්නවද? මේ හැංගි හොරා නැතිව කියන්නේ, අපිට තමයි ඒ කාලේ ධවල පත්‍රිකාවට විරුද්ධව උද්ඝෝෂණය කළේ. ඒ කලේ අපි ඔය අනුර කුමාරලා ගැන නම් දන්නේ නෑ. ඒත් ජනාධිපතිවරයා කියන්නේ ඇත්ත බව නම් අපි හොදාකාරව දන්නවා...
මාර වැඩක්නේ. මම ලයික් එකක් දාන කොට අනිත් පැත්තෙන් ඩිස්ලයික් 25ක් විතර ස්වයංක්‍රීයව වැටෙනවා. මොකක් හරි ගැටළුවක්....!
රනිල් කවදාවත් බ්‍රේස්ලට් පිනට දෙන්න පොරොන්දු වෙලා නෑ. ඔහු කිව්වේ බ්‍රේස්ලට් ගන්න පුළුවන් ආර්ථිකයක් හදනවා කියලා. නමුත් ඔහුට ඒ සඳහා කිසිදාක බලයක් ලැබුනේ නෑ. රනිල් ඔබ හරි. ඔබට ජය.
මේ වගේ අය අපේ රටේ දේශපාලනේ හිටියේම නැතිව ඇති...
අවුරුදු 47කටත් කිට්ටු කාලයක් දේශපාලනේ විවිධ තනතුරු දරලා පස් වතාවක් අගමැති වුණා. රටටම දැනෙන්න කරපු දේ මහ බැන්කු බැඳුම්කර හොරකමට ඉඩදීලා බලාගෙන හිටපු එක? විකුණුම් ශ්‍රී ලංකා තමයි...!
අනුර කුමාරයෝ, ජේ. වී. පී. එකයි ඇවිල්ලා කරයි. අපි නොදන්නා ජේ.වී. පී කාරයින්. බටහිර රටවල් සත පහකට ගණන් ගන්නේ නෑ. සත පහක්වත් ආධාර හම්බ වෙන්නෙත් නෑ. හොඳම දේ තමයි ඔවුන්ටම දීලා බලන එක. ජේ. වී. පී. එකටත් යුද අපරාධ චෝදනා තියෙනවා. කන්න බොන්නවත් නැතිවෙන කොට තේරෙයි...!