
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කාලකණ්නි අරගලකරුවන්ට උදවු කරපු එවුන්ටත් හෙන ගහන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"පුළුවන්නම් එන්න කියන්න මගේ ගෙදරට.මම තනියම ඉන්නවා. අරගලය කාලකණ්නි වැඩක් කිව්වම සමහරුන්ට රිදුණා. එහෙම රිදුනේ මේකට සම්බන්ධ අයටයි.යනුවෙන් ද ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
සාමකාමී අරගලකරුවන්ට ගෙවල් ගිනි තියන්න, මිනිස්සු මරන්න රාජ්‍ය දේපළ විනාශ කරන්න අවශ්‍ය වුනේ නැතැයි ද එහෙම උවමනාවක් තිබුනේ කාළකණ්නින්ට යැයිද අමාත්‍යවරයා කීය.
විපක්ෂයේ අය මිනිස්සු මරන්න උපදෙස් දුන් බවද ගෙවල් ගිනි තියපු මිනිස්සුන්ට විරුද්ධව පැමිණිලි රාශියක් ඉදිරිපත් වී තියෙන අතර තවම නඩු පවරා නැතැයි ද මේ ගැන හොයා බලන්නැයි අධිකරණ ඇමතිවරයාගෙන් ඉල්ලන බව ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලය සාමකාමිව තිබුන. මහින්දගේ වහල්ලු අරගල භූමියට ඇවිත් අරගලකරුවන්ට පහර දෙනකන්. එතනින් එහාට උන දේවල් සියලු දෙනාම දන්නවා.
කප්පම් කාරයෝ බය නෑ මල්ලී...
හැබැයි ආරක්ෂකයෝ එක්කන් එන්න බැහැ...
මයිනා ඇතිදැඩි කල සර්පයන් අරගල භූමියට පැනලා දශ්ඨ කරන්න පටන් ගත්තා.
එහෙම හෙනගහනවානම් හෙනගහන්න ඔනෙ උදවියගැන අමුතුවෙන් කිවයුතු නැහැ නේද?
ඔව් අපි ඇවිල්ලා ඉන්නේ දොරකඩට, පුලුවන්නම් වරෙන් එළියට!
කැකිල්ලේ රජා බලයේ ඉන්න කාලේ සුදු වෑන් ඝාතන අතුරුදහන් කරවපු හැටි ලෝකෙම දන්නවා. පොහොට්ටුවේ කාලකන්නි දූෂිත දේශපාලුවන් සහ කටුකන අය සාමකාමී නිරායුධ අරගල කරුවන්ට අමානුෂික විදියට පහර දුන්නා. සුද්දවන්තයා වෙන්න හැදුවාට තමුන් ගැන පවුලේ අය ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දේශපාලනෙන් හොරාකාලා බඩවඩා ගත්තු හොර දූෂිතයින්...
මැයි 9 දාට පෙරවරුවක් නැද්ද? කාලකන්නි බිහිවුනේ මේ කතා නොකරන කාලය තුළයි...
මේ අය දැන් කටමැත දොඩවනවා. බය නැත්නම් තියෙන්න ඕන ඡන්දෙවත් තියපල්ලා. ප්‍රතිඵලය පෙනේවි... නිශ්ශබ්ද ජනතාව ඉතා භයානකයි...
පොඩ්ඩක් ඉන්නකෝ... ආණ්ඩුව මාරුවෙච්ච දවසට කප්පන් කේස් එක ආයෙත් එළියට එනවා... එදාට වැලිකඩට යන්න පුළුවන් වෙයි...
අරගලය ඇතිවුණේ කාලකන්නි දේශපාළු හැතිකරය රටේ මුදල් හොරාකා රට බංකොළොත් කළ නිසා බව අද ඔවුන්ට අමතකව ඇති බවයි පෙනී යන්නේ. පාරට බැසපු ජනතාව සාමකාමී අයුරින් එය පවත්වා ගෙන ගියා. ඒත්, එක්තරා මිනීමරු දේශපාළුවෙක් ඒ සාමකාමී ජනතාවට මැරයින් ලවා පහර දීමට කටයුතු කරා. ඒ නිසා ජනතාව කුපිත වුණා. රටේ සිටි දාමරිකයින් චණ්ඩින් ඒ අතරට රිංගුවා. ඉහත දේශපාලුවා ඒ දේ කරේ වෙනත් වාසියක් බලාගෙන. ඒත්, අන්තිමේ ඒ දෙය ඔවුන්ටම පාරා වළල්ලක් වුණා. අසීමිත බලය අහිමි වූ සමහර දෙනා අද වියරුවෙන් කෑ කෝ ගසනවා. නැවතත් පෙර සේම ජනතාව දක්කන්න හදනවා. එසේ බැරිබව දැනගත් විට අද පිස්සු කියවනවා...
ආයේ කන්න ඕනෑවෙලා කට්ටියට....
ඔබතුමාට මොකක් හරි වුනෝතින්, ඒක මුළු මහත් ජාතියටම පිරිමැසිය නොහැකි පාඩුවකි... එනිසා පාඩුවේ ඉන්න.
මිනිස්සුන්ට තර්ජනය කරල කප්පම් ගන්න අයටත් හෙන හතම ගහන්න ඕනෑ නේද මහත්තයෝ...?
අරගලයට හේතු වුනේ දූෂිත, කාලකන්නි දේශපාලුවන් රටට කරපු විනාසේ. ජනතාව රවට්ටපු දූෂිත, බලලෝභියෝ අන්තිමට කෙරුවේ ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු එක. හරි නම් ඔවුන් එකෙක් නෑර ඉන්ඩ ඕනේ හිරේ...
එතෙක් සාමකාමීව පැවැති අරගලයට මැර ප්‍රහාර එල්ලකළ අයට හොඳ දඬුවම් ලැබුණා... විශේෂයෙන්ම අර ටීචර්ට...
රණතුංග පවුල- එක්කෙනෙක් පොහොට්ටුවේ. අනිත් එක්කෙනා යූ.එන්.පී එකේ. වසරේ හොඳම දේශපාලන ව්‍යවසායකයින්...
දැන් අපේ වාරය ගෙවල් ගිනි තිබ්බා, මිනිස්සු, වාහන බේරේට තල්ලු කරපු, මිනිසුන්ට ගහපු, මංකොල්ල කාපු එවුන් අල්ලගෙන... ඉතුරු හරිය කියන්න ඕනේ නැහැනේ. එක අරගල කාරයෙක් කෑගහනවා ඇහුණා... අනේ මට ගහන්න එපා මට දරුවෙක් ඉන්නවා කියා. මොහුට ගහන්න ඕනේ දරුවාට ඇහෙන්න.
ඔබ වගේ කෙනෙක්... මේ රටිනුත් එළවන්න පුළුවන් නම් අපි එනවා...
මොවුන්ට ගහගන්නවා තියා වැටුණොත් නැගිටවන්න දෙන්නෙක්වත් ඕනෑ...