IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මේ තණකොළ කාට කන්න

(යොහාන් භාසුර, සුසිල් ප්‍රියන්ත)

රටපුරා විවිධ ප්‍රදේශවල බස් නැවතුම්පොළවල සහ මඟ දෙපස කඩකාමර අසල තණකොළ සහ පිදුරු මිටි ඉල්ලා තිබෙනු  දක්නට ලැබිණි. එය කිසියම් පිරිසකට ආහාරයට ගන්නැයි ද දැන්වීම් මගින් දැන්වත් කර තිබූ අයුරුද දක්නට ඇත. බටපොළ, නාරම්මල, ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක මෙවැනි තණකොළ මිටි එල්ලා තිබෙනු දක්නට ලැබිණි.

 ප්‍රබල දේශපාලන පක්ෂයක කොළඹ පැවැත්වෙන සම්මේලනයට සහභාගීවීම විශාල පිරිසක් ඒ හරහා එනු දුටු දක්නට ලැබුණේය.

තවත් පිරිසක් බස් රථවල ගසා තිබූ  කටවුට් බසය  අධිවේගී මාර්ගයට අතුළු වෙද්දී එම කටවුට් ඉවත්කරනු දක්නට ලැබිණි.

මෙම තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ආරක්‍ෂාව තරකිරීමට ද පියවර ගෙන ඇති බව පොලිසිය කීය.   

(ඡායාරූප: සුසිල් ප්‍රියන්ත)



අදහස් (20)

මේ තණකොළ කාට කන්න

Hafeel Friday, 15 December 2023 04:02 PM

මේක ආනාගත පොහොට්ටුවේ සහ රනිල්ගේ ඡන්ද ප්‍රතිඵල...!

:       90       119

Kumara Friday, 15 December 2023 04:13 PM

මේ රට බංකොළොත් කරපු, හොරාකාපු අයට කන්න...

:       57       86

විජිත් Friday, 15 December 2023 04:31 PM

කෙසේවෙතත්.. ඔය රැලියට (බත් මුලයි, අරක්කු බාගයයි, රුපියල් 1000යි පෙන්නලා) අරගෙන ගිය කුජීත බයියන්ට අනිවාර්යයෙන්ම " තණකොළ" කෙසේවෙතත් ලබන අවුරුද්දේදී දවසක රටේ බහුතර ජනතාවගෙන් මහා පාරේදී මදි නොකියන්න "බැස්ටිය" කන්න වෙනවා පමණක් නොවෙයි.. බේරේ වැවෙන් නාන්නත් වෙනවාමයි. රැළියට සහභාගිවෙලා ජෝගි නටන සියලුදෙනාගේම ෆොටෝ දැනටමත් හැමතැනම සංසරණය වෙනවා. අපි ළඟදීම බලමු මේ බයියන්ට ලැබෙන ප්‍රතික්‍රියාව කොහොමද කියලා.

:       76       72

NAMAL Friday, 15 December 2023 04:33 PM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !! රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !!

:       54       74

Sunil Friday, 15 December 2023 04:33 PM

ඕකුන්ට තණකොළ නොවෙයි දෙන්න ඕනේ...

:       46       72

සිල්වා Friday, 15 December 2023 04:54 PM

පුන්නක්කු වලට වැට් බදු පනවා නැත්තේ මේ කට්ටියට සහනයක් වශයෙන්ද?

:       32       65

බණ්ඩා Friday, 15 December 2023 05:08 PM

ඔතන ගහලා තියෙන ලූණු ගෙඩියත් දැන් රු 40-50 ක් වෙනවා!!

:       30       43

Pipena pohotu Friday, 15 December 2023 05:18 PM

තණකොළ කවලා අපිව නවත්වන්න බෑ. අපි නාමල් මහත්තයා ගෙනාවා. රනිල් බොසාගේ ආශිර්වාදයත් එක්ක... හොඳට දැනගන්න.

:       74       14

MVH Friday, 15 December 2023 05:27 PM

පුදුම බයක් තියෙන්නේ... මේ පාරත් දිනනවා කියලා දන්නවානේ... 3%ම තමයි.. ඒ පක්ෂයේ මානසිකත්වයනේ... කලබල වියයුතු නෑ.

:       0       0

mahinda Friday, 15 December 2023 05:55 PM

තණකොල හා පිදුරු මුන්ට හොඳ වැඩියි... ගොම හා අසූචි තමයි හොඳ...!

:       0       0

මැක්ස් Friday, 15 December 2023 06:17 PM

මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන උදේ දවල් රෑ දොඩවන ජෙප්පන්ගේ සහ සජබයින්ගේ වැඩ නේද? පොහොට්ටුවන්ට අයිතියක් නැද්ද තමන්ගේ සම්මේලනයක් පවත්වන්න? ඒ දෙගොල්ලන්ට බලය ගියොත් මොන වගේ තත්වයක් ඇති වෙයිද කියන දේ ගැන ඉඟියක් නේද මේ දෙන්නේ? අනෙක් අතට මහින්ද මහත්තයාට ජනතාව තුළ ඇති ආදරය ගැන ජේවීපී සජබ ගෝල බාලයින්ට තියෙන බය නේද මේ පෙන්වන්නේ?

:       46       22

LalindraFriday, 15 December 2023 11:04 PM

ඔය මහින්ද මහත්තයාට ආදාරෙයි කියලා ඔයා කියන ජනතාවට බුදින්න තමයි ඕවා එල්ලලා තියෙන්නේ. ආර්තික ඝාතකයෝ විදිහට උසාවියෙන් තීන්දු කරලා තියෙද්දී, අද හිඟමනට වැටිලා ඉන්න අයම ඒ අපරාධ කාරයෝ පස්සේ යනවා නම් ඔවුන් බත් කන අයද කියලා සැකයක් අනිත් අයට ඇතිවෙන එක සාධාරනයිනේ...!

:       0       0

රංබොඩ Friday, 15 December 2023 06:37 PM

තණකොල එල්ලූ අය හිතාගෙන ඉන්නේ අනෙක් අය කන්නෙත් තණකොළ කියලා. මේවා දේශපාලන විහිළු විතරයි. සාමාන්‍ය ජනතාව දැනගන්න ඕනෑ පක්ෂ බදාගෙන නොහිට පරිස්සමෙන් තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න.

:       9       33

Rata Perata Friday, 15 December 2023 06:56 PM

පොහොට්ටුව කියන එක නූගතුන්ගේ පක්ෂය කියලා නම් කරන්න ඕනෑ. මොකද දැනුමක් තියෙන කිසිම මනුස්සයෙක්ට මේ ආර්ථික ඝාතකයෝ සංවිධානය කරන දේවල්වලට යන්නේ නෑ.

:       21       46

Bamunuarachchi Friday, 15 December 2023 08:19 PM

හන්දියක් හන්දියක් ගානේ තණකොළ තියන මල්ලිලාට හිටපු අයියලාගේ ඔළුත් කොටුවල ගහලා හන්දියක්, හන්දියක් ගානේ තිබෙනවා... අපි ඒකාලේ දැක්කා...!

:       0       0

Bamunuarachchi Friday, 15 December 2023 11:05 PM

වැට් බදු නිසා තණකොළත් කන්න නැතිවෙයි කියලා බයට ජෙප්පෝ තණකොළ මිටි බැඳලා ගෙදර ගෙනියන්න බයේ පාර අයින්වල තිබ්බා කියලා අරටු බැහැපු ජෙප්පෙක් මට කිව්වා. ජෙප්පනි, ඔබලා මොනවා කෑවත් කමක් නැහැ... හරියට බදු ගෙවපල්ලා...

:       0       0

Perera Saturday, 16 December 2023 02:57 AM

හරකුන්ට පොහොට්ටු හරක් ගාල මිසක් වෙන කොහාට යන්නද?

:       0       0

MMSB Saturday, 16 December 2023 06:28 AM

ඇයි මේ ගොල්ල 3% ට ඔච්චර බය වෙලා තියෙන්නේ? 52% ක් රටේ ජනතාව 3% ට ආදරේ කරන හින්දද?

:       0       0

Siri Saturday, 16 December 2023 04:23 PM

දන්නෝ දනිති. මේ "රැලිය " පිළිබඳ වාර්තා සඳහා ලැබී ඇති ප්‍රතිචාර කියවලා බැලුවොත් තේරෙයි හැබෑ තත්වය...!

:       0       0

Nimal Saturday, 16 December 2023 06:29 PM

මෙච්චර රටට කෙළකරාටත් පස්සේ, මොකටද මේ සමුළු වලට යන්නේ..? පොහොට්ටු ඔක්කොම දැන් නම් අප්පිරියයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site