(රංජිත් රාජපක්ෂ)

මහනුවර තෙල්දෙණිය රෝහල අසළ මෝටර් රථයක තිබි (17) දින සොයා ගත් තරුණිය (16) දින සිය පෙම්වතා සමග නුවරඑලිය නගරයේ සංචාරක හෝටලයක රැදී සිටි බවට ලද තොරතුරක් මත නුවරඑලිය පොලිසිය මගින්ද සිරුර සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කළ බව පොලිසිය කියයි.

සංචාරක හෝටලයේ රැදීසිටි වැලිගම ප්‍රදේශයේ පදිංචි අම්පාර රෝහලේ භෞති චිකිත්සක වෛද්‍ය,  සහ ඇගේ පෙම්වතා  නුවරඑළියට ගොස් පෞද්ගලික හෝටලයේ නැවතී සිටි බවට තොරතුරු ලැබී ඇතැයි  පොලිසිය කියයි.

දෙදෙනා  අතර ඇති වූ බහින්බස් වීමකින් පසු, ඔවුන් කාන්තාව ඝාතනය කර, හෝටලයෙන් රැගෙන ගොස්, මෝටර් රථයෙන් සිරුර රැගෙන ගොස් මහනුවර තෙල්දෙණිය රෝහල අසළ දමා යන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

එම හෝටලයේ ආරක්ෂිත කැමරා දර්ශන පද්ධතියේ ඇගේ මුහුණ වසා පෙම්වතා විසින් ඔසවාගෙන යන අයුරු දත්ත පද්ධතියේ සටහන් වී තිබුණි.

ඒ ඔස්සේ පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසියේ උසස් නිළධාරියෙක් කියා සිටියේ, තෙල්දෙණිය පොලිසියෙන් අදාළ තොරතුරු ලබා ගෙන ඒ ඔස්සේ නුවරඑලිය පොලිසිය මගින් මියගිය තරුණියගේ සිරුර සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන බවයි.