IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


භාෂණයේ නිදහස උදෙසා විපක්ෂයේ විරෝධතාවයක්

 

 

(ඡායාරූප - ශාන්ත රත්නායක)

 

(නිමල කොඩිතුවක්කු)

සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ පොදු එකමුතුව සංවිධානය කළ “භාෂණයේ නිදහස සුරකිමු” නිදහස උදෙසා විරෝධතාවය කොළඹ නිදහස් චතුරස්‍රය අසලදී අද(13) පස්වරුවේ පැවැත්විණි.

විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම විරෝධතාවයට මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

භාෂණයේ නිදහස සුරකිමු, ඉවසන්න හුරුවෙන්න – භාෂණයට ඉඩදෙන්න, ස ෆේල්, මිත්‍යාවෙන් ඈත්වෙලා විද්‍යාවට ඉඩදෙන්න ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් විරෝධතාවයේ නිරත විය.

කොළඹ නිදහස් චතුරස්‍රය අසලට අද පස්වරු 3.00ට පමණ රැස්වූ විරෝධතාකරුවන් “භාෂණයේ නිදහස සුරකිමු” යනුවෙන් සඳහන් කළ කබායන් පැළඳ විරෝධතා සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත විය.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, රිෂාද් බදියුදීන්,  හරීන් ප්‍රනාන්දු, හර්ෂණ රාජකරුණා, මනුෂ නානායක්කාර,  කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (8)

භාෂණයේ නිදහස උදෙසා විපක්ෂයේ විරෝධතාවයක්

Raveendra Wednesday, 13 January 2021 11:38 AM

"ස ෆේල්" කියලා ලියලා තියෙනකොට මතක් වෙන්නේ "ස"ජිත් ෆේල් කියලා තමන්ම ලියාගෙන නැත්නම් සරත් වෙල්විදානේ දේශපාලනෙන් " ෆේල් " කියලද මන්දා? එක එකා ෆේල් ද, පාස්ද බලන්න ඉස්සෙල්ලා අපි පාස්ද කියලා බලන්නවත් මේ කිසිඳු දේශපාලුවෙකුට ඥාණය නැති හැටි අම්මපා...!!! 

:       24       45

fairoos Wednesday, 13 January 2021 01:14 PM

නන්දසේන කිව්වාම තරහ යනවනේ... සිරිසේන පාර්ට් 2....

:       26       19

Bandara Wednesday, 13 January 2021 07:39 PM

ඝාතන ගැන කතාවුණා...

:       6       2

Chandima Wednesday, 13 January 2021 09:35 PM

"ස ෆේල්" = සජිත් ෆේල්

:       4       12

බද්රානි Thursday, 14 January 2021 11:42 AM

කවුද කියන්නේ ඔය සර්ලා ෆේල් කියලා? එහෙම කියන්නේ මේ රටේ හැම දෙයින්ම ෆේල් වෙලා සිටින අඥාන ජනතාවයි. හැබැයි ඒ ජනයින් හිතාගෙන ඉන්නේ නම්, මහා ඉහළින්ම ඔවුන් පාස් කියලනේ... සමහරවිට, ඒ දේශප්‍රේමීත්වය වැඩිකමට වෙන්න ඇති...

:       5       6

ජනතාව Saturday, 16 January 2021 02:36 PM

බලන් ගියාම අපිමයි අන්තිමට ෆේල් වෙලා තියෙන්නේ.

:       0       0

ජනතාව Saturday, 16 January 2021 11:05 PM

බලාගෙන ගියාම අන්තිමට ෆේල් වෙලා තියෙන්නේ ඡන්දෙ දීපු අපිම තමයි..

:       0       0

Ruhunu Sunday, 17 January 2021 09:02 PM

සජිත් මහත්තයාගේ පියා රට පාලනය කරන කාලේ තිබුණ භීෂණයක් මම නම් ජීවිතේටවත් දැකලා නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 717 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17951 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site