(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
ගුල්ලන් පණුවන් සහ වෙනත් කෘමීන් ගහන ව පැවැති තිරිඟු පිටි තොගයක් කෘමිනාශක ස්ප්‍රේ කිරීමකින් පසුව සල්ලඩ කොට නැවත වෙළඳ පලට යැවීමට ඇසුරුම් කරමින් තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ගබඩාවක් සොයා ගැනීමට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට අද (25) හැකිවී තිබේ.
ප්‍රදේශයේ පරිසර ගැටළුවක් පිළිබඳව සොයා බැලීම සඳහා නගරාධිපති ජාලිය ඕපාත මහතා හා ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ගබඩා ප්‍රදේශයේ මෙම ගබඩාව පරීක්ෂාවට ලක්කර තිබේ.
නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එම ස්ථානයට යනවිටත් කම්කරුවන් යොදා ගෙන ඉතා සූක්ෂම ලෙස කල් ඉකුත් වීමට තවත් මාස තුනක් පමණ ඇති තිරිඟු පිටි ඇසුරුම් වලට ගුල්ලන් පණුවන් සහ කෘමීන් බෝවී තිරිඟු පිටි සල්ලඩ කොට පෙනේරයකින් හලා කෘමිනාශක වර්ගයක් යොදා කෘමීන් මරා නැවතත් එම ඇසුරුම් කිරීම සිදු කරමින් සිටි බව ඔහු පැවසීය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට සුවිශාල තොග බඩු කඩයකට අයත් මෙම ගබඩාව තුළ මිනිස් පරිභෝජනයට නොසුදුසු තවත් ආහාර රැසක්ද සොයාගැනීමට හැකිවූ බව ඒ මහතා සඳහන් කළේය.
ඉතා සූක්ෂම ලෙස මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි මෙයාකාරයෙන් වෙළඳපොලට යැවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන බවත් එම සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් බව ද නගරාධිපතිවරයා සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර එහි අයිතිකරුවන් සියලුම තොරතුරු ඡායාරූප සහිතව මාධ්‍ය මගින් ප්‍රචාරය කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. අැත්තෙන්ම මෙම මෘගයින්ටම මේවා කෑමට ඉඩ සැලැස්විය යුතුයි.
අද ඊයේ පටන්ගත්ත දෙයක් වෙන්න බැහැ. කොමිෂන් එක අඩුවෙලාද? හොද්දේ බොර අඩුවෙලාද?
පස්සේ කියයි පරිභෝජනයට සුදුසුයි කියලා. අර හාල් ඇල්ලුවෙත් මෙහෙමනේ...
ඉතා භයානක වැඩක්... මේ අයට මොන දඬුවම්ද දෙන්නේ?
මේ ගොල්ලෝ ගුල්ලොත් එක්කනේ ජීවත් වෙන්නේ... කවද්ද ජනතාවට පිරිසිදු දෙයක් දුන්නේ? මේක අහම්බෙන් සිදුවුණු දෙයක් නෙමේ. නමුත් එක ලොක්කෙක් හොයලා බලනවද? ඒ නිසානේ මෙවැනි දේවල් සිදුවෙන්නේ. රටේ සේරම ජනතාවට කූපන් නොමිලේ දෙනවා. කිව්වේ කෑම බඩු ගන්න... මොකද ලොකු උදවිය දන්නවා අඩුවට ගන්න මෙවැනි ආහාර ගබඩා කරන කට්ටිය මේ බොරුවට රඟපාන්නේ... එක දවසක් හරි පෙන්නුවද මේ අල්ලන අහිතකර ආහාර විනාශ කරනවා. හරියට අල්ලන කුඩු වගේ නැවත යන්නේ තැරව් කාරයින් අතට.. අන්තිමට රටේ ජනතාවට මේ කුණු කාලා හොයාගන්න බැරි ලෙඩ තමයි හැදෙන්නේ..
ලංකාවේ මෙවැනි කතා බහුලව අසන්න ලැබෙනවා. මෙවැනි පිටිතෝග සඟවා තබන්නේ පිටි ගිඟයක් ඇතිකර අධික ලෙස ලාභ ලබාගන්නද? තමන්ගේ ආයෝජනය ඉක්මණින් ආපසු ලබාගන්න මේ මුදලාලිලාට අවශ්‍ය නැද්ද?