IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


භාණ්ඩ දාහකට කලින්ම වැට්ගහලා

 

(සුජිත් හේවාජුලිගේ)

කූට වෙළෙඳුන් පිරිසක් එකතු කළ අගය මත  බදු පනත (වැට්) ක්‍රියාත්මකවීමට පෙර  වෙළෙඳපොළේ  විවිධ භාණ්ඩ  දහසකට ආසන්න ප්‍රමාණයකට  එම බදු ඔවුන්ගේ හිතුමනාපෙට එකතුකර විකිණීමට පටන් ගැනීම   හේතුවෙන් පාරිභෝගිකයන් දුෂ්කරතාවයට පත්ව සිටින හෙයින් ඒ ගැන අවධානය යොමු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රජයට දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසුවේ වැට් බද්ද කලින්ම  අයකර  ඊට පසු ජනවාරි මාසයේ  යළිත් වැඩි කළහොත් උද්ධමනය දෙවතාවකට වැඩිවන බවයි.

පනත් කෙටුම්පත අනුව වැට් බද්ද  අය කළ හැක්කේ ජනවාරි මාසයේ සිට පමණි. එසේ හෙයින් ඊට කලින් අය කිරීම නීති විරෝධී බව මන්ත්‍රීවරයා කීවේය.

කූට වෙළඳුන් මේ ආකාරයට කටයුතු කළහොත් වැට් බද්ද දෙවතාවක් අය වීම වැළැක්විය නොහැකි බවද ගාමිණි වලේබොඩ මහතා පැවසීය.

වැට් බද්ද  අය කිරීමට පටන් ගැනීමත් සමඟ පවුලකට අවුරුද්දකට රුපියල්  පනස් දෙදහසක්  පමණ අමතරව ගෙවීමට සිදුවන බව පැවසූ මන්ත්‍රීවරයා  ටයිටනික් නැව සොයාගෙන ගිය ටයිටෑන් පිපුරුවා සේ මේ ආර්ථිකයත් වැට්  බද්ද හමුවේ  පුපුරා යන දින වැඩි ඈතක නොවන බවද  සඳහන් කළේය.

මේ අතර පිටකොටුවේ වෙළෙඳුන් නාටාමිවරුන් සහ  වෙළෙඳසල් සේවකයන්ගේ  නම් වලට වැට් අංක ලබාගෙන  මහා පරිමාණ ලෙස බදු වංචා කිරීමේ ක්‍රියාදාමයක් දිගින් දිගටම සිදුවන බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පෙන්වා දෙයි.

මේ හේතුවෙන් තාවකාලිකව වැට් අංක ලබාදීම නතර කරන ලෙස එම කමිටුව රජයෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (0)

භාණ්ඩ දාහකට කලින්ම වැට්ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site