(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බදු නිදහස දී ඇති ද්‍රව්‍ය එකසිය තිස් අටකින් අනූ හතක ඒ නිදහස ඉවත් කිරීමට යෝජනාවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවසීය.
මින් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.2 ක් එනම් කෝටි 37800 ක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අසංක නවරත්න මහතා ඉදිරිපත් කළ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.
වැට් බද්ද ලෝකේ තියෙන දියුණු බද්දක් බවද ඔහු සඳහන් කළේය.
රංජිත් සියඹලා පිටිය මහතා මෙසේද පැවසීය.
බරපතල ආර්ථික අර්බුදයකින් මිදීම සඳහා සොයන පිළිතුරු කෙටි කාලීන නොව දිගු කාලීන විය යුතු බවයි. වැට් බද්දට අදාළ නොවූ භාණ්ඩ ලැයිස්තුව සංශෝධනය කිරීමෙන් රජය රුපියල් බිලියන 378ක ආදායමක් අපේක්ෂා කළා.මේ වන විට සියයට 9.2ක මට්ටමේ පවතින දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 2024 වසරේ දී සියයට 12 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි. ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා මෙම වැටි බදු ඉහළ නැංවීමට තීරණය කළා. 2023 වසරේ දී රුපියල් බිලියන 187ක් වූ සුබ සාධන වියදම 2024 වසරේ දී බිලියන 207ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. රාජ්‍ය ආදායමෙන් සියයට 70ක් ණය පොලිය ලෙස නැවත ගෙවිය යුතුයි.
2025 දෙසැම්බර් මස 18
151
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
භාණ්ඩ අනූ හතකට වැට්
chandima Friday, 08 December 2023 11:53 PM
හැට හැත්තෑවක් එක්කලා පිනා සමුළුවට ගිය වියදම කවර් කර ගන්නත් ඕනනේ නේද ?
Kazi Shajahan Saturday, 09 December 2023 07:58 AM
තවත් බදු ගහනවා .හැබැයි රනිල් වැඩ්ඩෙක් තමයි කියන්නේ .මොන වැඩ්ඩෙක් ද ,ඔහොම සල්ලි හම්බ කරනවා පිට්පොකට් කාරයෝ ,කුඩු මුදලාලිලා
pakeer Saturday, 09 December 2023 08:41 AM
වැට් බද්ද ලෝකේ තියෙන දියුණු බද්දක් බවද ඔහු සඳහන් කළේය. ඔව් ඉතින් ලෝකයේ තියෙන ඔක්කොම දියුණු දේවල් අපේ තියෙනවනේ... අවුලක් නැහැ.