(අංජුල මහික වීරරත්න)
ගිලන් භික්ෂූන් වහන්සේලා 68 නමක් වැඩ සිටින හංවැල්ල කළු අග්ගල ගිරා ඉඹුල ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය විසින් විදුලිබල මණ්ඩලයට එරෙහිව පරීක්ෂණයක් කැඳවා තිබේ.
ජනාධිපති කාර්යාලය මැදිහත් වී විදුලි බල මණ්ඩලයට කතා කොට භික්ෂු ගිලන් මධ්‍යස්ථානයට අද(8) පෙරවරුවේම විදුලි බලය ලබාදීමට කටයුතු කළ බව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (මහජන සම්බන්ධතා) තුසිත හල්ඔළුව මහතා ලංකාදීපයට පැවසීය.
භික්ෂූන් වහන්සේ නමකගේ දේහයක් එහි තිබියදීම විදුලිය විසන්ධි කිරීම ගැටලුවක් බව කී හල්ඔළුව මහතා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ පිරිසක් හිතා මතාම මෙවැනි දේ කරන්නේදැයි පරීක්ෂණ කරන බව සඳහන් කළේය.
මින් ඉදිරියට භික්ෂු මධ්‍යස්ථානයේ විදුලි බිල ගෙවීම සඳහා අනුග්‍රාහකයකු සොයා දීමට තමා එකඟ වූ බවද ඒ සම්බන්ධයෙන් ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේ සමඟ කතා කළ බවද ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
150
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
භික්ෂු ගිලන් හලේ විදුලිය කැපීම ගැන පරීක්ෂණයක්
Galkotuwe Gedara Suneth Hemantha Kumara Friday, 08 December 2023 01:54 PM
ඉතාම සතුටුයි.
Prabha Friday, 08 December 2023 03:27 PM
අන්තිමට කපන්න ගියපු මනුස්සයා හාරේ දායි...
Bamunuarachchi Friday, 08 December 2023 04:25 PM
විදුලිබල මණ්ඩලය මේ කරන්නේ රජය අපහසුතාවයට පත් කරන්න බව හොම්බට ඇනලා කියන්න ඕනේ නැහැ...!
Aruna Saturday, 09 December 2023 08:24 AM
මෙතන තියෙන්නේ මනුෂත්වය පිළිබඳ ගැටළුවක්. ප්‍රාදේශීය විදුලි ඉන්ජිනේරුට මේක පහසුවෙන් විසදන්න තිබ්බනේ. උගත් වුවත් සාමාන්‍ය මානුෂික හැන්ගීමක් නැති නිලධාරින්!