
(යොහාන් භාසුර)
ගිණිකොණ දිග කළාපයේ වන භූ කම්පනවලින් බස්නාහිර පළාතේ උස් ගොඩනැගිලිවලට කිසියම් බලපෑම් කළහැකි නිසා මෙරට නව සහ පැරණි උස් ගොඩනැගිලි වර්ගීකරණයක් කළ යුතු බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසීය.
මුහුදු කළාපයේ වාර්තා වූ කම්පනය ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට දැනී තිබූ නිසා විශේෂයෙන් කොළඹ ඇතුළු බස්නාහිර පළාතට මෙම කම්පනය දැනී තිබූ බවත් භූ විද්‍යාත්මක තත්වයන්ට ගැළපෙන ආකාරයට මෙම ගොඩනැගිලි නිර්මාණ කර තියේද යන්න සහ භූ කම්පනවලට ගැලපෙන විදියට නිර්මාණය කර තිබේද යන්න වර්ගීකරණයකින් හදුනාගත යුතු බවත් ඒ මහතා කීය.
ගොඩනැගිලිවල පාදම් නිසි ආකාරයෙන් නිර්මාණය කර තිබේද යන්න තුළින් අනතුරුදායක ගොඩනැගිලි හදුනාගනෙ එයට පිළියම් යෙදිය හැකි බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දුර්වලකම් හා අඩුපාඩු එමටයි. මහාපරිමාණයේ ඉදිකිරීම් කරුවන් හා තවත් දැනුවත් ඉදිකිරීම් කරුවන් තාක්ෂණික ක්‍රම හා දැනුම භාවිතයෙන් ගොඩනැගිලි ඉදිකරනු ලබන අතර ඇතැම් කොන්ත්‍රාත් කරුවන් ඉදිකිරීම් කටයුතු හරිහැටි කරන බවක් නොදැනේ.බොහෝ මේසන් බාස්වරුන් අත්වැඩ දීමට පැමිණි කම්කරුවන් ය.ඔවුන් සතු අඩුපාඩු හා දුර්වලතා බොහෝය.ඒත් ඒවා වටහා ගැනීමට රටේ බොහෝ දෙනාට නොහැකිව පවතී.බොහෝ සිමෙන්ති ගල් නිෂ්පාදකයන් නිසි ප්‍රමිතියක් නැති සිමෙන්ති ගල් නිපදවා අයුතු ලාභ ලබන යුගයක ගොඩනැගිලි යට ඉන්නා අයට දෙවියන්ගේම පිහිටය.මේ දේවල් නිසි අයුරින් සොයා බැලීමට කාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් රටේ නොමැත.රටේ තිබෙන ඉදිකිරීම් සම්බන්ධ නිෂ්පාදන සඳහා රජය උවමනාවෙන් සොයා බැලිය යුතුය.නිසි පරිදි ශිල්පය දත් ඉදිකිරීම් සේවකයන් පමණක් ඒ සඳහා යෙදවිය යුතුය.පුහුණුව අඩු අය පිළිගත් ක්‍රමවේදයක් ඔස්සේ දැනුවත් කළ යුතුය.