
(රෝෂන් තුෂාර)
මාස දොළහක් ඇතුළතදී රුපියල් කෝටි හතරකට අධික මුදලක් වියදම් කළ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ සැකකරුගේ රුපියල් 36001344.96 අයථා වත්කම් ලෙස ගණනය කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂ විතාන මහතා හමුවේ කරුණු දක්වමින් පැවසීය.
වසර 32 ක් බෙලඅත්ත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස සහ 2012 සිට 2023 දක්වා එම සභාවෙ සභාපතිවරයා ලෙස කටයුතු කළ සැකකරු හම්බන්තොට ප්‍රාදේශීය සභාවට අයත් කැටැන්වැව ප්‍රදේශයේ අක්කර 50 ක ඉඩමක අඹ වගා කරන බවත්,එම වගා ඉඩම කූට ලේඛන සකසා ලබාගත් රජයේ ඉඩමක් ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය සිදු කරන බවත් අල්ලස් කොමිසම වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය මෙසේද පැවසුවාය.
2015 පෙබරවාරි මස 26 වැනි දින අල්ලස් කොමිසමට ලද ලිඛිත පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළා.විමර්ශනයට අදාළ මූලික සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසුව 2017 පෙබරවාරි 08 වැනි දින සැකකරුගෙන් ලිඛිතව කරුණු විමසා සිටීමට කොමිසම කටයුතු කළා.එම වසරේ මාර්තු මස පිළිතුරු ලිපියක් සැකකරු විසින් කොමිසමට ලබා දුන්නද එය නිවැරදි පිළිතුරු සැපයීමක් වූයේ නැහැ.සැකකරුට නිවැරදිව පිළිතුරු සැපයීමට අවබෝධයක් නොතිබූයේ යැයි සිතූ කොමිසම සැකකරු ගෙන්වා කරුණු විමසීමේදී ඔහු වසර ගණනාවක් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයකු ලෙස මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ පුද්ගලයකු හා උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ පුද්ගලයකු හෙයින් පිළිතුරු ලබාදීම හිතා මතාම මඟ අරින බවට සැක පළ වුණා.
2012 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා සැකකරුගේ නිත්‍යනුකූල ආදායම රුපියල් 725 8665.32 ක් ,සැකකරු එම වසරේදී රුපියල් 432 60 010.26 වියදම් කර තිබෙනවා.ඉන් රුපියල් 36001344.96 ක් උපයා ගත් ආකාරය හෙළි නොකළ හැකි අන්දමේ වත්කම් බවට අනාවරණය වෙනවා.
සැකකරු සතුව තිබෙන අක්කර පනහක ඉඩම සංවර්ධනය කර අඹ වගා කරනවා.එහි කොටසක් කුඹුරක් ලෙසද සංවර්ධනය කරනවා.
--------------------------------------------------
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්
(රෝෂන් තුෂාර)
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂ විතාන මහතා අද (12) නියෝග කළේය.
උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ අයථා වත්කම් රැස් කරමින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කිරීමේ සැකයට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
2025 දෙසැම්බර් මස 04
628
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෙලිඅත්ත හිටපු සභාපති මාස 12ට කෝටි හතරක් වියදම් කරලා