
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඉරාන ප්‍රහාරයකින් ඝාතනය වී නොමැති බවත් ඔහු ආරක්ෂිතව, හොඳින් සිටින බවත් සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළේය.
සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බවද එම නිවේදනයේ සඳහන් විය.
ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවක වීඩියෝවක් පසුගිය 13 වැනිදා නෙදන්යාහුගේ එක්ස් ගිණුමට උඩුගත කර තිබූ අතර එම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය අසත්‍ය ප්රචාරයන්ට හේතුව විය.
එම වීඩියෝවේ 35 වැනි තත්පරයේ ඇඟිලි 6ක් පෙන්නුම් කරන බවත් එය කෘතීම බුද්ධිය තාක්ෂණයෙන් නිර්මාණය කර තිබීම එලෙස ඇඟිලි 6 ක් පෙන්නුම් කිරීමට හේතුව බවත් සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රකාශ කළේය.
එම වීඩියෝව විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමග ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සිටින්නේ කොහේදැයි යන්න පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රශ්න කිරීමට ආරම්භ කළ අතර ඒ සමග නෙදන්යාහු පෙනෙන්නට නැත්තේ ඉරාන ප්‍රහාරයකින් තුවාල ලබා හෝ මියගොස් ඇති බැවින් යැයි සමාජ මාධ්‍ය තුළ මත පළ විය.
ඒ සමග සමාජ මාධ්‍ය තුළ එම වීඩියෝව පිළිබඳව නොයෙකුත් මත පළවීමට ආරම්භ වූවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd