
(පාලිත ආරියවංශ)
ආධුනික පොලිස් කොස්තාපල්වරියක ලෙස සේවයට බැඳිමට අයදුම් කළ වැලිමඩ මිරහවත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියකගේ රහස් පෙදෙසේ කලැල් පිළිබඳව වාර්තාවක් ලබාගත යුතු බව පවසමින් ඇගේ නිවසට පැමිණ එම තරුණියගේ රහස් පෙදෙස අත ගෑ බව කියන රාජ්‍ය බුද්ධි අංශයේ බණ්ඩාරවෙල බුද්ධි කාර්යාලයට අනුයුක්තව සේවය කරන පොලිස්සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලිසිය පවසයි.
තමා ආධුනික පොලිස් කොස්තාපල් සේවයට අයැදුම් කර තිබූ අතර ලබන 09 වැනිදා වෛද්‍ය පරික්ෂණය සදහා කැදවා තිබූ බවත් 2026.09.01 වනදා සිවිල් ඇදුමින් පැමිණි පොලිස් නිලධාරියකු තම නිවසට පැමිණ වෛද්‍ය පරික්ෂණයට යාමට පෙර රහස් ප්‍රදේශයේ ඇති කැලැල් සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට අවශ්‍ය කරන බව පැවසූ අතර එම වාර්තාව ලබා නුදුනහොත් තමාට රැකියාව නොලැබෙන බව දන්වා සිටි බවත් මෙම තරුණිය පොලිසියට කරන පැමිණිල්ලේ සදහන්වේ.
මෙහිදී ඔහුගේ ඉල්ලීමට අනුව සාලයට පැමිණ පුටුවේ ඉදගත් පසු ගවුම උස්සා රහස් ප්‍රදේශය අත ගෑ බවත් එම අවස්ථාවේ ඔහුගේ අතගසා දමා කුස්සියට ගොස් මේ සිද්ධිය සම්බන්ධයෙන් තම මවට ප්‍රකාශ කළ බවත් පැමිණි කාරිය වැඩි දුරටත් සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd