
(උපාලි ආනන්ද)
තම බිරිදට අමානුෂික ලෙස පහරදී පසුව ගසක බැද ශරීරයට මිරිස් කුඩු ගසා පොල් මලක් ගෙන එම පොල් මල භාවිතා කර අස්වභාවික බරපතල ලිංගික ක‍්‍රියාවක් සිදු කර කෲර වද හිංසා පැමිණවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිසිය සැකපිට අත් අඩංගුවට ගත් නාවික හමුදා සෙබළා මේ මස 26 දින දක්වා රිමාන්ඞ් බාරයට තබන ලෙස අනුරාධපුර අතිරේක මහෙය්ස්ත‍්‍රාත් ඞී. එල්. සමරසිංහ මහත්මිය නියෝග කළාය.
මෙසේ රිමන්ඩ් බාරයට පත් කළේ පරසන්ගස්වැව ජී. සංජීව අරුණ ශාන්ත නැමැති නාවික හමුදා සෙබලෙකි.
රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින පැමිණිළිකාර වින්දිත බිරිය සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවත්වා ඇති අධිකරණ වෛද්‍ය පරික්ෂණයේ වාර්තාව එළැබෙන 26 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද පරසන්ගස්වැව පොලිසියට නියෝග කල අතිරේක මහේස්ත‍්‍රාත්වරිය මෙම අපරාධය සම්බන්ධයෙන් සීදු කෙරෙන විමර්ශන වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද තවදුරටත් නියෝග කෙරිණ.
මෙසේ නියෝග කළේ පරසන්ගස්වැව පොලිසියේ ස්ථානධිපති ප‍්‍රධාන පොලිස් පරිකෂක එම්. අනවර්දීන් මහතාගේ උපදෙස් මත සැරයන් (7520) විජේගුණවර්ධන මහතා සැකකාර නාවික හමුදා සෙබළා අධිකරණයට ඉදිරිපත් කරමින් කල කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd