(ෂේන් සෙනෙවිරත්න)
මෙරට ප්‍රධාන පෙලේ පෞද්ගලික බැංකුවකින් ණය මුදලක් ලබාගත් ණයකරුවෙකුගේ ඊට අදාළ ලේඛන කූට ලෙස සකස් කොට ණය මුදල ඉහළ දමා රුපියල් මිලියන ගණනක වංචාවක් සිදුක් එක් කළ බව සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ බැංකුවේ මහනුවර ප්‍රධාන විධායක නිලධාරියකු, කළමනාකාරවරයෙකු ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.
එම පෞද්ගලික බැංකුවෙන් ණය මුදලක් ලබාගත් බව කියන රංජිත් චන්ද්‍රසිරි නමැත්තෙකු විසින් මහනුවර පොලීසියට සිදු කරනලද පැමිණිල්ලකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය කියයි.
ඔහු සිදු කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ ඔහු විසින් ලබාගත් ණය මුදලට වඩා වැඩි ණය ප්‍රමාණයක් කූට ලේඛන මගින් තමන්ගේ නමට ඇතුළත් කොට වංචාව වසර ගණනාවක් තිස්සේ සිදු කළ ද ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් බැංකුවේ ඉහළ කළමනාකාරීත්වයට කළද ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් අභ්‍යන්තරයෙන් සිදු නොවන බවයි.
බැංකු නිලධාරීන් සකස් කළ ලේඛන කූට ලේඛන බවට රස පරීක්ෂක වාර්තා මගින් තහවුරු වීමෙන් පසු පැමිණිල්ල සිදුකර වසර ගණනාවකට පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd