(රෝහණ චන්ද්‍රදාස)
බහින්බස්වීමක් දුරදිග යාමෙන් පොල්ලකින් පහර දී පුද්ගලයකු ඝාතනය කළැයි සැකකරුවන් තිදෙනෙක් අනුරාධපුර පරසන්ගස්වැව පොලිසිය මගින් අද අත් අඩංගුවට ගනු ලැබූහ.
ඝාතනයට ලක්වූයේ අනුරාධපුර ගම්මිරිගස්වැව අසිරිග්ගම කට්ටුතම්බි සරිබු නැමති 67 හැවිරිදි එක් දරුපියෙකි. ඔහු විශ්‍රාමික සිවිල් ආරක්ෂකයෙකි.
පහරදීම නිසා බරපතළ තුවාල ලබා සිටි ඔහු ප්‍රතිකාර සඳහා පරසන්ගස්වැව රෝහලට ඥාතීන් විසින් රැගෙන යන ලද අතරතුර මියගොස් සිටි බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පවසති.
මෙම අපරාධ සිද්ධිය 12 වැනිදා පස්වරුවේ අසිරිග්ගම මුස්ලිම් පල්ලියට නොදුරින් පිහිටි මරණකරුගේ නිවස අසල දී සිදු වී ඇත.
ඝාතනයට ලක්ව සිටි විශ්‍රාමික සිවිල් ආරක්ෂකයාගේ සිරුර පරසන්ගස්වැව රෝහල් මෘත ශරීරාගාරයේ දී අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් කාරියවසම් මහත්මියගේ නිරීක්ෂණ සටහන්වලින් පසුව ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යැවීමට පරසන්ගස්වැව පොලිසියට නියම කළා ය.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එහි වාර්තාව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් වරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බහින් බස් වී හිටපු සිවිල් ආරක්ෂකයා මරලා