(යොහාන් භාසුර)
බහුකාර්ය සහයක පත්වීමක් ලබා විවිධ රාජ්‍ය ආයතනවල කම්කරු රාජකාරිවල නිරතව සිටි සේවිකාවකට බස්නාහිර පළාත් සභාව පානදුර මහජන පුස්තකාලයේ ‘පුස්තකාල සහයක’ පත්වීමක් දී ඇතැයි පානදුර නගර සභා සේවකයෝ චෝදනා කරති.
පානදුර නගර සභාව යටතේ පාලනය වන පානදුර මහජන පුස්තකාලයේ කම්කරු පත්වීම් ලබා වසර ගණනාවක් සේවය කරන සේවකයන් සිටියදී එවැනි පත්වීමකට මූලික සුදුසුකම් හෝ නොමැතිව තැනැත්තියක් ‘පුස්තකාල සහයක’ තනතුරට පත්කිරීම නීති විරෝධී බවත් සේවකයන් ලෙස අදාල පත්වීමට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් එම නගර සභා සේවකයෝ කියති.
මෙම පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පුස්තකාල සංගමය දැනුවත් කිරීමට ද මේ වන විටත් පියවර ගෙන ඇති බවත් එවැනි පත්වීම් නොකරන ලෙස එම සංගමය මේ වන විටත් ලිඛිතව දැනුම්දී ඇතැයි පවසූ බවත් එම සේවකයෝ සඳහන් කරති.
වර්තමාන ආණ්ඩුවේ රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බහුකාර්ය සහයක පත්වීමක් ලබා පානදුර පොලිසිය සහ පානදුර නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන කීපයක සේයක කරමින් සිටි අදාල සේවිකාවට ‘පුස්තකාල සහයක’ පත්වීමක් දීමට පළාත් සභාවට කිසිඳු බලයක් නොමැති බවත් නගර සභා සේවකයෝ වැඩි දුරටත් සඳහන් කරති.
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ‘පුස්තකාල සහයක’ යනු කම්කරු පත්වීමක් බවත් පළාත් සභාවට බහුකාර්ය සහයක පත්වීම් ලැබූවෙක් ‘පුස්තකාල සහයක’ ලෙස පත්කළ හැකි යැයි වගකීමෙන් කියන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට උම්බල ඔය උම්බලව පාලනය කරන්න පත් කරන්නෙ, හොඳ උගත් එවුන්වද? අනේ නිකන් පලයල්ල බන් යන්න.
ඒගොල්ලෝ කියනවා අපි අහනවා
අවුලක් නැහැනේ තනතුරේ හැටියට, බහු කාර්‍ය් නම් ඕනම වැඩක් කරන්න පුළුවන් වෙන්න ඕන. නාගරික කොමසාරිස් නැති වෙලාවට ඒ තනතුරේ උනත් වැඩ කරන්න පුළුවන් බලසම්පන්න තනතුරු නාමයක්නේ තියෙන්නේ.
වෙන දෙපාර්තමේන්තුව කට මාරුවක් ඉල්ලන්න ලමයො කම්කරුවන් ට මිනිස්සුන්ට වගේ සලකන දෙපාර්තමේන්තු තියෙනව
නියම වැඩක්!
මේක මහා පුදුම කතාවක් සෞදි අරාබියේ ඔයිල් මිනිස්ටේර් අල් නයීම් මහතා අරම්කො , එතකොට සව්දිඅරම්කො නොවෙයි, ආයතනට බඳුනේ කොෆී බෝයි හැටියට. එතුමා අරම්කෝ සභාපති උනා ඊට පසු සව්දි ඔයිල් මිනිස්ටර් උනා. එතුමා අරම්කො සභාපති කමින් ඉවත්වී ඔයිල් මිනිස්ටර්වෙලා යන විට හෙලෝ කියලා අතට අත්දීමේ වාසනාව මටත් ලැබුනා. මේ තැන්තතියට සුදුසුකම් තිබෙනවානම් දක්ෂ කම තිබෙනවානම් උසස්වීම් ලැබෙනවාට ඊර්ෂා කරන්නේ ඇයි. සිංහලයාගේ පරිහානියට එක හේතුවක් ඒක. ඒ ඊර්ශාවේ ප්‍රතිපලය තමයි අපිව වඩුගයන් පාලනය කිරීම. සිංහල ජාතියේ වැරැද්ද.