(මනෝප්රිය ගුණසේකර)
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩු විභාගය ලබන වසරේ මාර්තු 30 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (28) නියම කළේය.
ජනාධිපතිවරණ පනතට පටහැනි වන ආකාරයට 2015 ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුලත් කර දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කල බවට චෝදනා ලැබ සිටි.
මෙම නඩුව සම්බන්ධයෙන් විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලබාගැනීමට නොහැකි වු බව කියමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ විනිසුරුවරයා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාට මාස තුනක කාලයකට ඇමරිකාවට යෑමට ද අවසර දුන්නේය.
මෙම නඩුව වෙනත් අධිකරණයකට මාරූ කරන්නැයි ඉල්ලා විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම මීට පෙර අවස්ථාවකදී ප්‍රතික්ෂේප කිරීම හේතූවෙන් මෙම නඩුව අද (28) සිට දින 04ක කාලයක් පුරා විභාග කිරීමට නියමිතව තිබිණි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අමතරව මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා අධිකරණය අමතමින් මෙම නඩුව වෙනත් අධිකරණයකට මාරූ කරන්නැයි අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.
කෙසේ නමුත් මෙම නඩුව සම්බන්ධයෙන් තම සේවාදායකයාගෙන් අවශ්‍ය උපදෙස් ලබාගැනීමට නොහැකි වු හෙයින් මෙම නඩු විභාගය වෙනත් දිනයකට කල් තබන්නැයි ඉල්ලා සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා රෝගී තත්වයෙන් පෙළෙන තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකාවට යෑමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව ඒ සඳහා අවසර දුන් විනිසුරුවරයා මෙම නඩුව ලබන වසරේ මාර්තු 30 වැනිදා කැඳවීමට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන අනිල් සිල්වා සහ ජයන්ති වීරසිංහ යන මහත්වරුන් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"හරි හරි... එදාට මම ඔබතුමාව සියලුම චෝදනා වලින් නිදහස් කරන්නම්.. හොඳයි.. හොඳයි.. ස්තුතියි..ආ..? ඔව්, ශ්‍රේෂ්ඨාධිකරණයේ වේකන්සි වගයක් තියෙනවා.. අනේ ලොකු උදව්වක්. ඔන්න මගේ යුතුකම ඉෂ්ඨ කරනවා. ඒක ෂුවර්..!!! ඔබතුමාගේ යුතුකම ඊට පස්සේ ඉෂ්ට කරන්නකෝ... හොඳයි.. හොඳයි.. අනේ බොහොම ස්තුතියි මහත්තයෝ..."
ඡන්දෙන් පස්සේ හරිද? ඡන්ද වැඩවලට මම බොහොම කාර්ය බහුලයි. ඒ වෙලාවට නඩුහබ එක්ක මට පැටලෙන්න වෙලාවක් නැහැ. ඊට පස්සේ කොහොමත් මාව නිදොස් කොට නිදහස් කරනවනේ. ජයවේවා...!!!
ඇයි... අයිතිකාරයා නැති මාළිගාව?
කොහොමටත් දැනටමත් නඩුවෙන් නිදොස්කොට නිදහස්...
හොරුන්, මිනීමරුවන් බෝ කරන එක තමයි වෙන්නේ.. ජනතාව මෝඩයින් වගේ හිටියා ඇති.. නීතිය කාටත් පොදු කරනවා කිව්වට, නායකයින්ට විරුද්ධව මේ අධිකරණ නැගී සිටින්නේ නැහැ. මේ හිවල්භාවය නැති කරන්න ඕනෑ. අනවශ්‍ය වියදම් නෙමේ කපන්න නීතිය රජ කරවන්නයි ඕනෑ. නීතියක් නැතිව රටක් ගෙනියන්න බැහැ. ලෝකේ හැම රටකම පාලකයින් අයින් වෙනකොට කරපු දූෂිත වැඩවලට දඬුවම් විඳිනවා. නමුත් ලංකාවේ එක දූෂිතයෙක් දඬුවම් විඳිනවද? නැහැ, නායකයොත් බේරෙනවා. ඔවුන්ගේ යාලු මිත්‍රයෝත් ඒ බලයෙන් නිදහස් කරගන්නවා. මුදල් වියදම් කරලා ජයග්‍රහණය කෙරෙව්වා. මේ විදියට මුදල් වියදම් කරන්න පුළුවන්. කුඩු මුදලාලිලාට විතරයි .. ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය අපි ඉපදෙන්නත් කලින්... නමුත් මේ විදියට මුදල් ගලන්නේ නැහැ.
නඩුවෙන් නිදොස්කොට නිදහස් වෙයි. තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි ලංකාවට..
මේ මිනිස්සුන්ට ලක්ෂ දෙකක් අරගෙන මොනවා කරන්නද?
මම ලිත් ගැහුවේ ඕගොල්ලොන්ට බල බල ඉන්න මිසක් මට නඩු දාගන්න නොවෙයි ....
සර් බෙහෙත් අරන් ඉක්මනට සනීප වෙලා එන්න ඡන්දයත් තියනවනේ, ඔය නඩු දැම්මේ ඊරිසියාවට කියල අපි දන්නවා, මනුස්සයෙක් කාලා ඇඳලා ඉන්නවට අකමැති අයනේ මේ රටේ ඉන්නේ, බුදුසරණයි,
මේ නඩු නොවයි දැන් අලුත් නඩු බලවමු
ඡන්දෙ දාන්න යන්න සුබ මොහොත බලාගන්න ලිත් හදලා දීලා මම හිරේ යන්න..
බැංකු හොරුන්ට ඡන්දෙ දීපු අය ලිතකට කෑගහනවෝ...
දේශපාලකයන්ට ඉස්සර වෙලා හොර නඩුකාරයන්ට දඬුවම් දෙන්න ඕන. අධිකරණය දුෂිතයි ඔක්කොටම වැඩිය.