(සනත් ගමගේ)
අම්බලන්තොට කොග්ගල්ල මදයමලලන්ද ප්‍ර දේශයේ දි ලංගම බස් රථයකට ගොඩ වී කාන්තාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්දයැයි සැකකරන පුද්ගලයින් දෙදෙනා කොග්ගල්ල ප්‍ර දේශයේ කැළයක සැඟව සිටිය දී අත් අඩංගුවට ගත් බව මාතර හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස් පති මහේෂ් සේනාරත්න මහතා කීය.
වෙඩි තැබීමට යොදාගත් ෂොට් ගන් ගිනි අවිය සහ ඔවුන් පැමිණි යතුරු පැදියද අත් අඩංගුවට ගෙන ඇත.
මාතර කොට්ඨාශ අපරාධ විමර් ශන ඒකකයේ නිළධාරීන් විසින් සිදුකල විශේෂ මෙහෙයුමක දී මෙම සැකකරුවන් දෙදෙනා සමඟ යතුරු පැදියද, ගිනි අවියද අත් අඩංගුවට ගැනිමට හැකි වී ඇත.
ඉකුත් 07 දා අම්බලන්තොට නගරයෙන් ගමන් වාරය ආරම්භ කර කොග්ගල් බලා ධාවනය වූ අම්බලන්තොට ඩිපෝවට අයත් බස් රථය මදයමලලන්ද ප්‍ර දේශයට ලඟාවනවාත් සමඟම යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් මඟ හරස් කර බස් රථය නතර කර බස් රථයට ගොඩ වී බස් රථයේ ගමන් ගත් ගත් කාන්තාවකට වෙඩි තබා පලා ගොස් තිබිනි. තුවාල ලැබූ කාන්තාව බැරගම රජයේ රෝහලට මුලින් ඇතුලත් කිරිමෙන් පසුව හම්බන්තොට මහ රෝහලටත්, ඉන් පසුව කරාපිටිය මහ රෝහලට මාරුකර යවා දැනට ප්‍රතිකාර ලබමින් සිටින්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට වෙඩි තියෙන්න ආවා කියලා කැලේදීම මොවුන් දෙදෙනා ඉවර කළානම් රටට සෙතක්. ටෙක්සාස්වල වගේ පාතාලයින්ගේ පොටෝ එක දාලා මරා හෝ පණපිටින් අල්ලා දෙන කෙනෙකුට රුපියල් ලක්ෂ 5ක් දෙනවා කිව්වොත් නම් මිනියවත් ලැබෙයි. හැබැයි වැඩේට කලින් ඊස්ට්වුඩ්ට visa දීලා මෑන්ගේ රිවෝල්වරයත් ගේන්න අවසර දෙන්න වේවි...!