
(කේ. බුද්ධික කුමාරසිරි)
නාවලමුල්ල මීගොඩ මාර්ගයේ සිරිමැදුර වත්ත සේපාලිකා ගහ යට හන්දියේදී පෞද්ගලික බස් රථයකට ගොඩවීමට ගිය කාන්තාවක් එම බස් රථයටම යටවී අද (18) අලුයම මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
මියගිය කාන්තාව තවත් අයෙකු සමග අදාළ පෞද්ගලික බස් රථයට ගොඩවීමට යාමේදී එයින් ඇද වැටී එම බස් රථයටම යටවී මිය ගොස් ඇති බවත් අනතුර සිදුකළ බස් රථය පලා ගොස් ඇති බවත් මීගොඩ පොලිසිය පවසයි
අනතුරින් මියගිය කාන්තාවගේ හිසට බරපතළ ලෙස හානි සිදුව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ මීගොඩදෙනිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන 57 හැවිරිදි ද දෙදරු මවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd