
( රොමේෂ් මධුෂංක)
යාපනය කොඩිකාමම් සිට පේදුරුතුඩුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් නෙල්ලිඅඩි ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් එහි ගමන්ගත් 5 දෙනෙකුට තුවාල සිදුව ඇතැයි නෙල්ලිඅඩි පොලීසිය පවසයි.
කොඩිකාමම් ප්‍රදේශයේ සිට පේදුරුතුඩුව දක්වා ධාවනය වූ මෙම පෞද්ගලික බස් රථය නෙල්ලිඅඩි ප්‍රදේශයේදී එකවරම මාර්ගයෙන් ඉවතට පැන බස්රථය අනෙක් අතට පෙරලී ගොස් තිබුණි.
බස් රථය පෙරලී යන අවස්ථාවේදී බස්රථයේ මගීන් 10 කටත් අඩු ප්‍රමාණයක් සිටීම හේතුවෙන් හානිය අවම වී ඇති අතර එහිදී බස්රථයේ රියදුරු ඇතුලු මගීන් සිව් දෙනෙකු සුලු තුවාල ලබා ඇතැයි පොලීසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd