
( නිමල් ජයරත්න)
පොලොන්නරුව සිට වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පෞද්ගලික සහල් මෝලක සේවකයන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අද( 30) වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන බෑවුමකට පෙරළි සිදූ වු අනතුරකින් තිස්දෙනෙකු තුවාල ලබා වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලීසිය සඳහන් කරයි.
මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ සිව්දෙනෙකු පොළොන්නරුව මහ රෝහලට මාරුකර යවා ඇති බව
වැලිකන්ද රෝහලේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමේදී සඳහන් කළේය.
බස් රථය ගමන් ගන්නා විට එහි සේවකයින් අසූවකට ආසන්න සංඛ්‍යාවක් සිට ඇති අතර අනතුරෙන් සුළු තු වාල ලැබූ සේවකයින් කිහිප දෙනෙකු ප්‍රතිකාර ගෙන රෝහලෙන් පිටව ගොස් ඇති බවද රෝහල් ආරංචිමාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd