(කුෂාන් ජයවර්ධන)

අනුරාධපුර සිට කොළඹ දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මරදන්කඩවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන්  පාසල් දරුවන් දෙදෙනකු ඇතුලු 15 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇතැයි මරදන්කඩවල පොලිසිය පවසයි.

තුවාල ලත් මගීන් ප්‍රතිකාර සදහා මරදන්කඩවල රෝහල වෙත කඩිනමින් ඇතුලත් කිරිමට පුදේශවාසින් හා පොලිසිය එක්ව කටයුතු කර ඇත.

ඉන් බරපතලතත්ත්වයේ පසුවූ කිහිප දනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට එම රෝහල් බලධාරීන් කටයුතු කර තිබේ.

අනතුරින් තුවාල ලත් එම පිරිස අතර අතර පාසල් ළමුන් දෙදෙනෙක් ද වන බව පොලිසිය කියයි.