(ප්‍රසාද් රුක්මල් ) 

බදුල්ල  කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර නිල්බෝවිල ප්‍රදේශයේ දී අද (2)  දහවල් ලංගම බස්‍ රථයක් මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීරෝද රථයක ගැටි මාර්ගය අසල ගොඩ ගසා තිබූ පස්කන්දකත් ගැටීමෙන් එක් පුද්ගලයකු බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි .

මගින් පිරි ලංගම බස්‍ රථය මාර්ගයේ ඉවතට පැන පස්කන්දේ ගැටී නොනැවතුනේනම් බදුලුඔය ට පෙරලිගොස් විශාල අනතුරක් සිදු වීමට ඉඩකඩ තිබිණැයි පොලිසිය කීය .

කොස්ලන්ද සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බණ්ඩාරවෙල ඩිපෝවට අයත්  ලංගම බස්‍ රථයක් මෙසේ අනතුරට පත්ව ඇතැයි පොලිසිය පැවසීය .

අනතුරින් ත්‍රීරෝද රථය පැදවූ උඩුවර ප්‍රදේශයේ පුද්ගලයකු මෙසේ තුවාල ලබා ඇති බවද පොලිසිය පවසයි .

ශ්‍රී ලංගම බස්‍ කොස්ලන්ද සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබියදී උඩුවර නිල්බෝවිල ප්‍රදේශයේ දී වේගයෙන් ධාවනය වූ  මගින් පිරි බස්රථය මෙසේ එක්වරම මාර්ගයෙන් ඉවතට පැන හාලිඇල සිට උඩුවර දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයකද ගැටී පසුව මාර්ගය අසල ගොඩ ගසා තිබූ පස්කන්දක ගැටි නතර වී ඇතැයි පොලිසිය සදහන් කළේය .

බස්රථය එසේ නතර නොවූයේ නම් මගීන් සමග බදුලුඔය ට පෙරලීගොස් විශාල අනතුරක් සිදු වීමට ඉඩකඩ තිබිණැයි පොලිසිය පැවසීය

.