(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාන් ජයසිංහ)
බස් රථයේ හිඟ වාරික මුදල් නොගෙවීම නිසා මූල්‍ය සමාගමක් බස් රථය අත්පත් කර ගත්තැයි සිත් වේදනාවෙන් සිටි ව්‍යාපාරිකයාගේ සිරුර කැලණි ගඟේ කොටුවිල හන්දියේ පිහිටි කළුපාලම අසල පාවෙමින් තිබියදී වැල්ලම්පිටිය පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෙසේ මියගොස් ඇත්තේ දොම්පේ ,තිත්තප්පර ප්‍රදේශයේ පදිංචිව සිටි චන්ද්‍ර භාරත බණ්ඩාර ඉලංගකෝන් නැමැති 41 හැවිරිදි ව්‍යාපාරිකයාය.
මොහු දෙදරු පියෙකි.
එම ව්‍යාපාරිකයාගේ පියා විශ්‍රාම සහකාර පොලිස් අධිකාරීවරයෙකි
බස් රථයේ හිග වාරික මුදල් නොගෙවීම මත මූල්‍ය සමාගමක් මීට මාස කිහිපයකට ඉහතදී එය අත්පත් කර ගැනීම සිත් වේදනාවෙන් පසු වූ බව සහකාර පොලිස් අධිකාරීවරයා දොම්පේ පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙය සියදිවි නසා ගැනීමක් බව මූලික විමර්ශනවලින් හෙළි වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියදිවි හානිකර ගැනීමක් කිව්වම දෙවැනි පාරත් අපහාස කිරීමක් කියන්න පුළුවන් මේක සියදිවි හානි කරවීමක් කියන්න පුළුවන් අතීතයේ යම් සොයාගැනීමක් කල අයෙකුට වස බොන්න නියමකර අලුගෝසුවෝ බලාසිටියා වගේමයි එනිසා මෙහෙම දේවල් සදහා අදාල සමාගමට දඬුවමක් දෙන්න ක්‍රමයක් හදන්න ඕන....