(නාලක සංජීව දහනායක)
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ අද (24) දහවල් දිව්රුම් දුන්නේය.
රොෂාන් ගුණතිලක මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉහලම තනතුර වන ‘මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්’ තනතුර දරන්නෙකි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු මාර්ෂල්වරයා වූ රොෂාන් ගුණතිලක මහතා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකළ මානුෂීය මෙහෙයුමේදී ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පසුගිය (19) එම තනතුරින් ඉල්ලා අස්වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදා පාලනයක පෙරනිමිති එහෙම නෙවේ නේද ?
මතකද උත්තමයෙක් අවසර නැතිව රක්ෂිත වනයක නිවාසයක් හැදුවා...