
(මුදිතා දයානන්ද)
බස්නාහිර පළාතේ 2022 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ගෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් (සියයට 31.5ක්) උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා නැතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.
විගණන වාර්තාවට අනුව එම වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටි සිසුන් ප්‍රමාණය 51423ක් වන අතර එයින් 16195ක් එලෙස උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා නැත.
උසස් පෙළ විභාගයට 2022 වසරේ පෙනී සිටි සිසු සිසුවියන්ගෙන් සියයට පහළොවක් එනම් විභාගයට පෙනී සිටි 23482න් සිසු සිසුවියෝ 3521ක් ප්‍රධාන විෂයයන් තුනම අසමත්ය.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයට එම වසරේදීම පෙනි සිටි සිසු සිසුවියන් 75223ක් වූ සිසු සිසුවියන්ගෙන් 11792ක් එනම් සියයට 15.7ක් ලබාගෙන තිබෙන්නේ ලකුණු 80ටත් අඩුවෙන් බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දැන් එයාලා කියන්නේ විභාග වලින් ළමයි 100% ක් සමත් කරවන්න ඕනෑ කියලාද? විභාගයක් කියන්නේ කඩඉමක්. පෙනී ඉන්න හැමෝම එකම විදිහට සමත් වෙනවා නම් ඒ විභාගයේ තේරුමක් තියෙනවාද?