IMG-LOGO

බස්තියන්ටත් පයින් යන්න වුණ දා

ඇඳිරි නීතීය ඉවත් කිරීමත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි ජනතාව සිය දෛනික රාජකාරී හැකි පමණින් ඉටු කරගැනීමට අවශ්‍ය පියවර වහ වහා ආරම්භ කළහ.

එමෙන්ම  රාජ්‍ය හා පෞද්ගලික ආයතන සේවකයින්ගෙන් තුනෙන් එකක පිරිසකට සිය අතවශ්‍ය රාජකාරී සඳහා කාර්යාලවලට අද(11) සිට පැමිණෙන ලෙස  දන්වා තිබීමෙන් ඔවුන්ද උදෑසන සිට සිට රාජකාරී ස්ථාන සඳහා යාමට වෙහෙසෙන අයුරු දිවයින පුරා නගරවල දකින්නට ලැබිණි. එහෙත් බස් රථ නොමැතිවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින අයුරුද දකින්නට ලැබිණි.

රාජකාරියට වාර්තා කිරීම අවශ්‍ය යැයි පෙන්වා දී තිබුණද වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ නිර්දේශය මත පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට අවසර දී තිබුණේ අත්‍යවශ්‍ය සේවාවල සේවක සේවිකාවන්ට පමණි. පෞද්ගලික ආයතන සහ වෙනත් රජයේ හා සංස්ථා වල සේවකයෝ ප්‍රවාහන පහසුකම් නොමැතිව මහත් සේ රස්තියාදු වන ආකාරය මෙන්ම ඇතැම් බස් නැවතුම්පොළවල සීමා රහිතව මගීන් රැදී සිටිනු අයුරුද දකින්නට ලැබිණි. එය යම් ආකාරයකින් ජනතාවගේ සෞඛ්‍ය තත්වයටද ගැටළුවකි.

මීරීගම දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා පිටත්වූ දුම්රියේ මගීන් 84 කට පහසුකම් සුදානම් කර තිබුණද එහි පැමිණියේ මගීන් 35 දෙනකු පමණි. ඉතිරි ආසන 49 ම හිස්ව පැවතියේය.  හලාවත සිට කොළඹ ආ කෝච්චියේ සිටියේ මගීන් 8 දෙනකු පමණි.
කෙසේ වෙතත් මේ වන විට  සෞඛ්‍ය අංශ  නිර්දේශ කර ඇත්තේ තවත් සති දෙකක් පමණ ගත වන තුරු පොදු ප්‍රවාහන සේවා කටයුතු ආරම්භ නොකරන ලෙසයි.

සේවා ස්ථාන වෙත යාමේ අපේක්ෂාවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල මගීන් රැඳී සිටි ආකාරය පහත ඡායාරූප වලින් දැක්වේ.

(අනීෂා මානගේ - තංගල්ල)



අදහස් (2)

බස්තියන්ටත් පයින් යන්න වුණ දා

Samitha Senaka Aluthgamage. (Japura University) Monday, 11 May 2020 08:14 AM

පොල් පටවලා වාගෙයි පසුගිය කාලේ ... වව්ලන් වගේ එල්ලාගෙන ගිය තාලේ ... පුදුමයි වෙනස පුදුමයිනේ මේ කාලේ ... වයිරසයට අනුව නටපන් බස් රාලේ ...

:       53       311

amal Monday, 11 May 2020 09:52 AM

බෙලිඅත්ත කොලබ දුම්රියේ මගින් 1 ලු හිටියේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 206 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 716 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1126 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site