IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බස් රේස් ගිහින් 6ක් රෝහලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

 මගීන් නංවා  ගැනීම සඳහා තරඟයට ධාවනය යෙදුණු පෞද්ගලික බස් රථ දෙකක් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේදී එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව හොරණ මූලස්ථාන පොලීසිය කියයි.

.එම අනතුරත් සමගම ප්‍රකෝප වූ මගින් සහ ප්‍රදේශවාසීන් අනතුර සිදුකළ බස් රථ රියදුරුට පහර දී ඇති අතර පොලිසිය මැදිහත් වී රියදුරු දැඩි පරිශ්‍රමයකින් බේරා ගෙන අත් අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන ඒමට පියවර ගෙන ඇත.

සිදු වූ අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලැබූ අතර ඔහුන් 1990  සුවසැරිය ගිලන් රථයෙන් හොරණ  මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.



අදහස් (3)

බස් රේස් ගිහින් 6ක් රෝහලේ

abaran Sunday, 08 October 2023 02:10 PM

විශේෂයෙන්ම බස්, ටිපර් හා බවුසර් රියදුන් බොහෝ දෙනෙකු පාරේ යන්නේ සත්තු වගෙයි. කිසිම විනයක් නැහැ. මොන නීති තිබුණත් ඔවුන් හැදෙන්නේ නැහැ. එනිසා මේ වගේ දඬුවම් දිගටම ක්‍රියාත්මක වෙනවා නම් මේ අය ඉබේම හැදෙයි. හැබැයි ඇත්තටම වැරැදි මිනිහාට මිසක් නිවැරැදි මිනිස්සුන්ට නොගහන්න මිනිස්සු ප්‍රවේශම් වියයුතුයි...

:       0       24

Lakmal Sunday, 08 October 2023 04:08 PM

බස් සේවය ක්‍රියාත්මක විය යුත්තේ බස් සමාගම් මගින් මිස තනි අයිතිකරුවන් විසින් නොවේ. එවිට රේස් යාමට හේතුවක් නැත. මුලු ලොකයේම පොදු ප්‍රවාහන සේවය ලබා දෙන්නේ ඒ විදියට. අපේ රටේ හැම දේම වෙන්නේ රුයිතෙට...

:       0       18

ගමේ එකාලා Sunday, 08 October 2023 05:33 PM

ප්‍රයිවට් බස් කාරයෝ අතර තියෙන්නේ තරගයක්.. ඔවුන්ට ඕනෑ සෙනඟ පුළුවන් තරම් පටවාගෙන ගානක් හොයාගන්න. ඔවුන් මාටියා ගහන හැටි අපි හොඳින් දැකලා තියෙනවා. කිසිම විනයක්,චාරයක් නැති අය?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site