(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මගීන් නංවා ගැනීම සඳහා තරඟයට ධාවනය යෙදුණු පෞද්ගලික බස් රථ දෙකක් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේදී එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව හොරණ මූලස්ථාන පොලීසිය කියයි.
.එම අනතුරත් සමගම ප්‍රකෝප වූ මගින් සහ ප්‍රදේශවාසීන් අනතුර සිදුකළ බස් රථ රියදුරුට පහර දී ඇති අතර පොලිසිය මැදිහත් වී රියදුරු දැඩි පරිශ්‍රමයකින් බේරා ගෙන අත් අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන ඒමට පියවර ගෙන ඇත.
සිදු වූ අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලැබූ අතර ඔහුන් 1990 සුවසැරිය ගිලන් රථයෙන් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂයෙන්ම බස්, ටිපර් හා බවුසර් රියදුන් බොහෝ දෙනෙකු පාරේ යන්නේ සත්තු වගෙයි. කිසිම විනයක් නැහැ. මොන නීති තිබුණත් ඔවුන් හැදෙන්නේ නැහැ. එනිසා මේ වගේ දඬුවම් දිගටම ක්‍රියාත්මක වෙනවා නම් මේ අය ඉබේම හැදෙයි. හැබැයි ඇත්තටම වැරැදි මිනිහාට මිසක් නිවැරැදි මිනිස්සුන්ට නොගහන්න මිනිස්සු ප්‍රවේශම් වියයුතුයි...
බස් සේවය ක්‍රියාත්මක විය යුත්තේ බස් සමාගම් මගින් මිස තනි අයිතිකරුවන් විසින් නොවේ. එවිට රේස් යාමට හේතුවක් නැත. මුලු ලොකයේම පොදු ප්‍රවාහන සේවය ලබා දෙන්නේ ඒ විදියට. අපේ රටේ හැම දේම වෙන්නේ රුයිතෙට...
ප්‍රයිවට් බස් කාරයෝ අතර තියෙන්නේ තරගයක්.. ඔවුන්ට ඕනෑ සෙනඟ පුළුවන් තරම් පටවාගෙන ගානක් හොයාගන්න. ඔවුන් මාටියා ගහන හැටි අපි හොඳින් දැකලා තියෙනවා. කිසිම විනයක්,චාරයක් නැති අය?