IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


බස් රථයේදී සැමියා බිරිදගේ ගෙල කපලා

(සමන් පාලිත නානායක්කාර, නිශාන්ත කුමාර සහ ඩී කේ රත්න)

බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ නවතා තිබූ මගී  බස් රථයක් තුළදී අද (09) උදෑසන සැමියා  බිරිඳගේ ගෙල තියුණු ආයුධයකින් කැපීමෙන් බිරිඳ බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය පැවසීය .

දෙදරු  මවක් වන බිරිඳ  තිස්දෙවන වියේ  පසුවන බවත් ඔවුන් බණ්ඩාරවෙල ලියංගහවෙල බලගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය පැවසීය.

පවුල් ආරවුලක් මත මෙම සිද්ධිය වී ඇති බවත් බස් රථයේ පිටුපස ආසනයේදී සැමියා බිරිඳගේ ගෙලට පිහියෙන් ගසා ඇති බවද  පොලීසිය  පැවසීය. 

සැකකාර සැමියා මේ වන විට බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැමියා විදේශ රටක රැකියාවක් සඳහා ගොස් සිට  මෑතදී මෙරටට පැමිණ ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.

බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි. 



අදහස් (1)

බස් රථයේදී සැමියා බිරිදගේ ගෙල කපලා

Bunny Preena Tuesday, 12 August 2025 11:30 AM

මේවානී සිදුවීම් වලට මූලික හේතුව තමයි අනි‍යම් සම්බන්ධතා. දෙන්නට දෙන්නා අන්‍යෝන්‍ය අවබෝධයකින් සහ විශ්වාසයෙන් අවංකව කටයුතු කල යුතුයි. එතකොට තමයි ජීවිතය ලස්සන සහ අර්ථවත් වෙන්නේ . ලස්සන දරු පවුලක් හැටියට සතුටින්, සාමයෙන් ජීවත් වෙනවා හිතන්නේ නැත්තේ අයි මිනිස්සුනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 645 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17676 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site